IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


INSEE සිමෙන්ති වාර්ෂික වෛද්‍ය කඳවුරෙන් 1,190කට අධික පිරිසකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා

INSEE සමාගමේ 2030 තිරසර ඉලක්කවලට සමගාමීව ප්‍රජාව සහ හවුල්කරුවන් යන තේමාව ආවරණය කරමින් විශේෂ වෛද්‍ය කඳවුරු මාලාවක් රුහුණු හා පුත්තලම යන සිමෙන්ති කම්හල්වල සහ අරුවක්කාරු හුණුගල් කැණීම් පරිශ්‍රයේ පවත්වන්නට සමාගම කටයුතු කළේය.
මෙම වැඩසටහන ගාල්ල, පුත්තලම සහ එළුවන්කුලම අවට වෙසෙන 1,190කට වැඩි පිරිසකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ලද අතර, මෙම ප්‍රජා සත්කාරක වැඩසටහනෙන් ප්‍රජාවගේ යහපැවැත්මට INSEE සමාගමේ දිගුකාලීන කැපවීම ද පෙන්නුම් කෙරිණ.
INSEE සමාගම මෙලෙස වාර්ෂිකව වෛද්‍ය කඳවුරු සංවිධානය කිරීමෙන් ‘ජීවිත ගොඩනැගීම’ නම් වූ සමාගමේ දැක්ම යථාර්ථයක් කරන්නට උත්සාහ දරයි. සෞඛ්‍ය සහ යහපැවැත්මට මුල් තැන දෙමින්, INSEE සමාගම ප්‍රජාව සමග ඇති සබඳතාව ශක්තිමත් කරන්නටත්, තිරසර ව්‍යාපාර වර්ධනයක් සමග සමාජ වගකීම් ඉටු කරන බවටත් මෙය නිදසුනකි.
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා පහසුකම් ලබා දීමෙන් ප්‍රජාවගේ ජීවිත වැඩිදියුණු කිරීමටත්, සෞඛ්‍ය අවදානම් අඩු කිරීමට මෙන්ම ප්‍රජා සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමටත් INSEE සමාගම මේ තුළින් අපේක්ෂා කරයි.
මෙම වෛද්‍ය කඳවුරු තුන මගින් බාහිර රෝගී උපදේශන, ළමා රෝග, අක්ෂි සත්කාර, ප්‍රසව හා නාරිවේදය, ශල්‍ය සත්කාර, පිළිකා පරීක්ෂාව, චර්ම රෝග, වකුගඩු රෝග කළමනාකරණය සහ දන්ත සත්කාර ඇතුළු පුළුල් පරාසයක සේවා රැසක් සපයන ලදී. මෙම ක්ෂේත්‍රවල ප්‍රවීණ වෛද්‍යවරුන් සහ විශේෂඥයන්, INSEE හි මෙම මෙහෙවරට ස්වේච්ඡාවෙන් සේවය ලබා දීම ද විශේෂත්වයකි. මෙම සේවා සඳහා අඩු පහසුකම් සහිත ප්‍රජාවට ඍජුවම සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙමින් එම ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවල ඇති අඩුව පුරවන්නටත්, ග්‍රාමීය ප්‍රදේශවල පවුල්වලට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් INSEE හි මෙම මෙහෙවරෙන් අවස්ථාව උදා විය.



අදහස් (0)

INSEE සිමෙන්ති වාර්ෂික වෛද්‍ය කඳවුරෙන් 1,190කට අධික පිරිසකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site