×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
IMF හදිසි අරමුදල තීරණාත්මක කරුණු තුනක් යටතේ ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් - ඒෂියා සෙකියුරිටීස්
කතෘ මණ්ඩලය 2025 දෙසැම්බර් මස 22
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
ද්‍රවශීලතාව, විශ්වාසය සහ සාර්ව ස්වාරක්ෂකයක් ලෙස මෙම අරමුදල ශ්‍රී ලංකාවට අතිශය වැදගත්
භානුක අමරසිංහ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පසුගියදා ගනු ලැබූ තීරණයකට අනුව ශ්‍රීලංකාව වෙත කඩිනම් හදිසි අරමුදල් සම්පාදනයක් ලෙස ඩොලර් මිලියන 206 ක මුදලක් ලබාදීමට ගත් තීරණය තීරණාත්මක කරුණු තුනක් යටතේ ශ්‍රී ලංකාවට වැදගත් බව ඒෂියා සෙකියුරිටීස් ආයතනය පවසයි.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මිදීම සඳහා ලබාදීමට තීරණය කෙරුණු මෙම කඩිනම් අරමුදල සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ආයතනය මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව ද්‍රවශීලතාව, විශ්වාසය සහ සාර්ව ස්වාරක්ෂකයක් ලෙස මෙම අරමුදල ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බව එම ආයතනයේ අදහස වී තිබේ.
“මෙම මුදල රුපියල් වටිනාකමින් ඩොලර් බිලියන 63.7 ක අගයක් ගන්නවා. මෙය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 0.2 ක්. මෙය දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ හානියේ ඇස්තමේන්තුගත අගයට සමානයි.“ ඒෂියා සෙකියුරිටීස් පවසයි.
මෙහිදී ද්‍රවශීලතාව යටතේ රට නැවත ගොඩනැගීම සඳහා රජය ඉදිරිපත් කර ඇති රුපියල් බිලියන 70ක කඩිනම් ආපදා සහන පැකේජය වෙත මෙම මුදල් යොදා ගත හැකි වනු ඇති බවත්, විශ්වාසය යටතේ මෙම අරමුදල මගින් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් තවත් අරමුදල් ලබා ගැනීමේ අවස්ථාවක් උදා කර දෙන බවත්, සාර්ව ස්වාරක්ෂකය යටතේ රජය මගින් සිදුකළ යුතු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ දිගුකාලීන සැලසුම් සඳහා තවත් කාලයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බවත් එම ආයතනය පවසයි.
ඒ අනුව මෙම අරමුදල් වඩාත් හොඳින් ඉහළ බලපෑමක් සහිත ව්‍යාපෘති වෙත යොදවා ගැනීම සහ ණය තිරසාරබව සඳහා වන කටයුතු සම්බන්ධයෙන් යොදා ගැනීමත් වැදගත් බවත් ඔවුහු පෙන්වා දෙති.
අදහස් (0)
IMF හදිසි අරමුදල තීරණාත්මක කරුණු තුනක් යටතේ ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් - ඒෂියා සෙකියුරිටීස්
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
IMF හදිසි අරමුදල තීරණාත්මක කරුණු තුනක් යටතේ ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් - ඒෂියා සෙකියුරිටීස්