IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


IMF හතරවැනි සමාලෝචනය කාර්ය මණ්ඩල එකඟතාව මෙම සතියේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති


භානුක අමරසිංහ


ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර පවතින විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ වන හතරවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණීමට මෙම සතිය තුළ හැකියාව පවතින බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

ඊයේ (24) කොළඹදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරය මේ බව පවසා සිටියේය. ඒ අනුව මෙම හතරවැනි සමාලෝචනය සම්බන්ධයෙන් අවශ්‍ය මූලික සාකච්ඡා මේ වනවිටත් එක්සත් ජනපදයේ වොෂීංටන් නුවරදී පවත්වමින් සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

“මේ සතියෙදි ඒ මූලික සාකච්ඡාවන් අවසාන වෙනවා. ඒ සාකච්ඡා ඉතාමත්ම සාර්ථක මට්ටමක තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ වැඩසටහන යටතේ පවතින නිර්ණායකවලට අපිට ළඟා වෙන්න පුළුවන් වේවි කියලා. ඒ සඳහා නිසා වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරමින් ඉන්නවා.” යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, අද වන විට උද්ගතව පවතින ඇමෙරිකානු තීරු බදු සම්බන්ධ ගැටලු‍ව හේතුවෙන් නව ලෝක ආර්ථික තත්වයක් නිර්මාණයවීමේ අවස්ථාවක් පවතින බවත් හෙතෙම මෙහිදී අවධාරණය කළේය.



අදහස් (0)

IMF හතරවැනි සමාලෝචනය කාර්ය මණ්ඩල එකඟතාව මෙම සතියේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site