ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා ඇමෙරිකාවේ වොෂිංටන් නුවරදී නිල වශයෙන් ආරම්භ වී තිබේ.
මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දූත පිරිසක් සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ඇමෙරිකාව වෙත ගොස් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් වැඩසටහන යටතේ අඛණ්ඩව මූල්‍ය සහාය ලබා ගැනීම එම සාකච්ඡාවල අරමුණ වී ඇති බවත් පැවැසෙයි. මෙම තීරණාත්මක සාකච්ඡා සඳහා දූත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වනබව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා තහවුරු කළේය.
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති අරමුදල් වැඩසටහන යටතේ එකඟ වූ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය තක්සේරු කිරීම මෙම සාකච්ඡා අපේක්ෂාව වී තිබේ.
IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ