IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


IMF පස්වැනි සමාලෝචනය අවසන් කිරීමට නියෝජිත පිරිසක් ලබන වසර මුලදී මෙරටට

විමුක්ති එස් රුද්‍රිගු

මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නියෝජිත කණ්ඩායමක් ලබන වසර මුලදී මෙරටට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණි පස්වැනි සමාලෝචනයට අනුමැතිය ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව පසුගිය 15 වැනිදා රැස්වීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් කඩිනම් මූල්‍යකරණ මෙවලම යටතේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ඉල්ලා සිටීමත් සමග පස්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම එම අරමුදල කල් දැමුවේය.

මෙම වසර අවසාන වනවිට මෙරට දළ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සංචිතවල සියයට 7 ක ඉහළ යාමකි. එසේම ලබන වසරේදී මෙරට දළ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 8.9 දක්වා සියයට 36 කින් වර්ධනය වනු ඇති බවත් 2027 වසරේදී මෙරට දළ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 13.4 දක්වා සියයට 51 වර්ධනය වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත.

 



අදහස් (0)

IMF පස්වැනි සමාලෝචනය අවසන් කිරීමට නියෝජිත පිරිසක් ලබන වසර මුලදී මෙරටට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site