
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සේවාලාභියාගේ අභිමුඛයට ගොස් AI තාක්ෂණය භාවිතයෙන් නොමිලේ අක්ෂි පරීක්ෂාව සිදු කිරීමේ දැවැන්ත ක්‍රියාවලියක නිරතHouse of Vision ආයතනය මෙවර ASIA MIRACLE සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.
දෘෂ්ටි විශේෂඥයකු විසින් සේවාලාභියාගේ සිදුකරන අක්ෂි පරීක්ෂාවෙන් අනතුරුව පළපුරුදු වෛද්‍යවරුන්ගේ අනුමැතියෙන් සේවාලාභියාට අවශ්‍ය අක්ෂි ප්‍රතිකාර කිරීම House of Vision ආයතනයේ මූලික කාර්යභාරය බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කල්‍යා කිරිඇල්ල මහත්මිය පැවසුවා ය.
House of Vision ආයතනයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කළ විමසීමක දී ආචාර්ය කල්‍යා කිරිඇල්ල මහත්මිය වැඩිදුරටත් මෙසේ පවසා සිටියා ය.
මීට වසර ගණනාවකට ප්‍රථම ආරම්භ කළ මෙම ආයතනය නවතම තාක්ෂණය භාවිත කරමින් ලංකාවේ ප්‍රථම වතාවට AI තාක්ෂණය ද භාවිතයට ගන්නා එකම ආයතනය ලෙස වර්ධනයවෙමින් සිය සේවාලාභින් වෙනුවෙන් අඛණ්ඩව වසර ගණනාවක් පුරාවට දැවැන්ත කර්තව්‍යයක නිරත වෙනවා බෙරලැස්ගමුව ප්‍රධාන ශාඛාවේ සිට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහ සමාජ සුබසාධක වැඩසටහන් ඉලක්ක කරගනිමින් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව දිවයින පුරා කාර්ය මණ්ඩල ත්‍රිත්වයක් සහභාගි කරවා ගනිමින් සේවාව ඇවැසි පිරිස් සඳහා සේවාව ලබාදීම සිදු කරනවා. අප ආයතනය විවිධ අංශ යටතේ ඇගයීමට භාජන කරන ආයතන සඳහා කෘතගුණ දැක්වීමක් වශයෙන් ද පිදිය යුත්තන් පිදීම යන තේමාව ගුරුකොට ගනිමින් සම්මානවලට භාජනවන පිරිස් වෙනුවෙන් නොමිලේ සේවා ලබාදීම ද සිදු කරනවා. වසර ගණනාවක් පුරා ඉතා සාර්ථක අන්දමින් සිදු කරනු ලබන සේවාව ඇගයීමක් වශයෙන් ASIA MIRACLE 2025 සම්මානයෙන් ද Top 100 Awards 2025, Queen’s Excellence Award, Iconic Awards, Honour of Business Talent 2025, International Business Forum Awards 2025 යන සම්මානවලින් ද පිදුම් ලබා ඇත.
House of Vision ආයතනයටASIA MIRACLE සම්මානය