IMG-LOGO

2026 නොවැම්බර් මස 17 වන අඟහරුවාදා


Hidea Outboard මෝටර් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

නීල් මැරින් සමාගම් සමූහයේ සාමාජිකයෙකු වන නීල් මැරින් ස්පෝට්ස් ඇන්ඩ් ලෙෂර් (පෞද්ගලික) සමාගම චීනයේ Hidea මගින් නිපදවන Outboard Motors ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා කොළඹදී සිදුවිය. 

චීනයේ Hidea සමාගම හා ඇති කරගත් සුවිශේෂී නියෝජිත ගිවිසුමක් යටතේ මෙම හඳුන්වාදීම සිදුව තිබේ. මෙහිදී අශ්වබල 2.5 සිට 200 දක්වා වූ දෙපහර සහ සිව්පහර පෙට්‍රල්, භූමිතෙල් සහ විදුලි එන්ජින් පෙළක් දේශීය වෙළඳපොළට ඉදිරිපත් කරන බව නීල් මැරින් ස්පෝට්ස් ඇන්ඩ් ලෙෂර් (පෞද්ගලික) සමාගම පවසයි.

විශ්වාසදායක ක්‍රියාකාරීත්වයක්, ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහ දැරිය හැකි පිරිවැයකින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබා දෙන පරිදි මෙම මෝටර නිර්මාණය කර ඇත. 

නීල් මැරින් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ෂාන් පෙරේරා මහතා අදහස් දක්වමින්, තම සමාගමේ බෝට්ටු නිෂ්පාදන තාක්ෂණය හා පළපුරුද්ද Hidea සමාගමේ එන්ජින් තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීමෙන් පාරිභෝගිකයින්ට පරිපූර්ණ විසඳුමක් ලබා දෙන බව සඳහන් කළේය.



අදහස් (0)

Hidea Outboard මෝටර් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site