Hemas Holdingsහි අනුබද්ධ සමාගමක් වනHemas Pharmaceuticals (පුද්) සමාගම, ‘සුවජීව’ දියවැඩියා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සඳහා මෑතකදී Medihelp Hospitals සමග අත්වැල් බැඳගත්තේය. ඒ අතරින් පළමු වැඩසටහන ඔක්තෝබර් 23 වැනි දා කොළඹ 02 හි Medihelp Wellness Centre හිදී පැවැත්වුණු අතර, දෙවැනි වැඩසටහන ඔක්තෝබර් 28 වන දින බණ්ඩාරගම Medihelp රෝහලේදී සහ තෙවැනි වැඩසටහන ඔක්තෝබර් 30 වන දින හෝමාගම Medihelp රෝහලේදී පැවැත්විණි.
දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට උපකාර කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන් මාලාව යටතේ සෞඛ්‍ය සේවා රාශියක් නොමිලේ ලබා දෙන ලදි. දියවැඩියා පරීක්ෂාව සහ දියවැඩියාව කල්තියා හඳුනා ගැනීමේ පරීක්ෂාවලට අදාළව රුධිරගත සීනි පරීක්ෂාව (RBS), රුධිර පීඩනය, ශරීර ස්කන්ධ දර්ශක ගණනය (BMI) සහ ග්ලුකෝමා හා රෙටිනෝපති පරීක්ෂාවන් ආදිය නොමිලේ සිදුකර ගැනීමට රෝගීන්ට මෙහිදී අවස්ථාව හිමි විය. එමෙන්ම සෞඛ්‍ය පරීක්ෂාවලට සීමා නොවී වඩාත් පුළුල් පරාසයක පැතිරුණු සෞඛ්‍ය හා සුවතා සේවා ලබාදීමේ අරමුණින් වෛද්‍ය, පෝෂණ හා ජීවන රටා ඇතුළු විවිධ අංශවලට අයත් සේවා රැසක්ද මෙහිදී ලබාදෙන ලදි.
Hemas Pharmaceuticals සහ Medihelp එකතුවෙන් ‘සුවජීව’ දියවැඩියා පරීක්ෂණ වැඩසටහනක්