|
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා ජාල- ප්‍රසන්න විජේසිංහ, සහකාර කළමනාකාර -ව්‍යාපාර සංවර්ධන-රුමේෂ් විජේතිලක, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සම්පත් වික්‍රමාරච්චි යන මහත්වරු
|
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම ශ්‍රී ලාංකීය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින්, පසුගියදා පැවති 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී Front Liner කාණ්ඩය යටතේ කුසලතා සම්මානයකට හිමිකම් කීමට එම සමාගමේ රුමේෂ් විජේතිලක මහතා සමත් විය.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වන ජාතික විකිණුම් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ සියළුම ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයන්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ජාතික වේදිකාවකි.
2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී රුමේෂ් විජේතිලක මහතා දිනාගත් කුසලතා සම්මානය, සමාගම වෙනුවෙන් සාර්ථක විකිණුම් ප්‍රතිඵල අත්පත් කරගැනීමේදී ඔහු විසින් විදහා දක්වන ලද දැඩි කැපවීම සහ පාරිභෝගිකයා මුල් කරගත් විශිෂ්ට සේවාව වැනි ගුණාංග වෙනුවෙන් ලැබුණු ජාතික මට්ටමේ ඇගයීමක් වශයෙන් හැඳින්විය හැකිය. පාරිභෝගිකයන් සමග සවිමත් සබඳතා පවත්වා ගෙන යමින්, ඔවුන්ගේ විශ්වාසය සහ ලැදියාව මෙන්ම සමාගමේ වර්ධනයද තහවුරු වන ආකාරයට විකිණුම් ඉලක්ක අත්පත් කරගත් ගැනීමට රුමේෂ් විජේතිලක මහතා දක්වා ඇති දක්ෂතාව HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ව්‍යාපාර සංවර්ධන අංශයෙහි පාරිභෝගික සේවා විශිෂ්ටත්වය සහ අධිෂ්ඨානශීලීත්වයට මනා උදාහරණ සපයයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී සම්පත් වික්‍රමාරච්චි මහතා මෙසේ පැවසීය. “රුමේෂ් දිනාගත් 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී ලැබූ ඇගයීම, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ විකිණුම් බලකායේ සුවිශේෂීත්වය රඳා පවතින විනය, කැපවීම සහ උද්යෝගීමත් බව වැනි වටිනාකම්වලට ලැබුණු ඇගයීමක්. අපේ වටිනා පාරිභෝගිකයන්ට සේවය සලසන ඉදිරි පෙළ නිලධාරියෙක් වශයෙන් ඔහු ලබා ඇති සාර්ථකත්වය පෙන්වා දෙන්නේ, අධිෂ්ඨානශීලීත්වය, දක්ෂතාව, ධනාත්මක ආකල්ප වැනි පුද්ගලික ගුණාංග ආයතනික සාර්ථකත්වය සඳහා කෙතරම් වැදගත්ද යන්නයි.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී තවත් ජයක්