HDFC බැංකුව නවතම ෂොපින් ඩෙබිට් කාඩ් පතක් වෙළෙඳපොළට නිකූත් කරන ලද අතර, එය විශේෂයෙන්ම බැංකුවේ තිරසාර බැංකූකරණ දැක්ම හා ගනුදෙනුකරුවන්ට ඉහළ අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් හඳුන්වාදෙන ලදී.
මෙම නවතම ෂොපින් ඩෙබිට් කාඩ් පත නිර්මාණය දිනපතා ගනුදෙනු කිරීමට පහසුකම් වැඩිකරමින් HDFC බැංකුවේ හරිත බැංකූකරණ දැක්මට ගැලපෙන ලෙස නිර්මාණය කර ඇත.
මෙම නව ඩෙබිට් කාඩ්පත හඳුන්වාදීමේ අවස්ථාවේදී පළමු කාඩ්පත බැංකූවේ ප්‍රධාන විධායක සහ සාමාන්‍යාධිකාරී හේමාල් ලොකූගීගන මහතා අතින් බැංකූවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකූ වන ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතාට පිළිගැන්විණි.

නව කාඩ්පත හඳුන්වාදීමේ අවස්ථාවට සමගාමීව කොළඹ ශාඛාවේ ගනුදෙනුකරුවකුටද නව කාඩ්පතක් පිරිනැමිම සිදුකෙරිණි.
මෙම නව ඩෙබිට් කාඩ්පත මගින් ගනුදෙනුකරුවන්ට ඕනෑම ATM ජාලයක් හරහා මුදල් ආපසු ලබාගැනීමේ පහසුකම සහ වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට භාවිත කළ හැකිය. Lanka Pay මගින් JCB අනුමත POS යන්ත්‍ර හරහා මෙම පහසුකම ලැබෙන අතර HDFC බැංකුවේ ගනුදෙනුකරුවන්ට වඩාත් ආරක්ෂිත මෙන්ම තිරසාර විසඳුමක් මෙම නව ඩෙබිට් කාඩ්පතෙන් ලැබේ.
HDFC බැංකුවෙන් නවීන පරිශීලක අත්දැකීමක් සමග නව ෂොපින් ඩෙබිට් කාඩ් පතක්