IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


HDFC බැංකුවේ නව සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී හේමාල් ලොකුගීගන වැඩ භාරගනී

HDFC බැංකුවේ නව සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරි ලෙස හේමාල් චමින්ද ලොකුගීගන මහතා පත් කර ඇති අතර, ඔහු බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා නිල වශයෙන් රාජකාරී ආරම්භ කළේය.

ලොකුගීගන මහතා වසර 24කට අධික කාලයක් බැංකු ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්‍රයේ පිළිගත් වෘත්තිකයෙකි. ආයතනික නායකත්ව හැකියාවෙන් ඉහළ කළමනාකාරිත්ව තනතුරු හොබවා ඇත. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හා රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. එමෙන්ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ යාවජීව සාමාජිකයකු වන ඒ මහතා ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයෙහි ද සාමාජිකයෙකි.

ඔහු SDB බැංකුවේ සේවය කළ කාලය තුළ එහි වර්ධනය සහ ආයතනික වගකීම් පිළිබඳ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකර ඇත. ව්‍යාපාර බැංකුකරණය සහ සුළු හා මධ්‍ය පරිමාණ අංශ ප්‍රධානි ලෙසද, ආරම්භක ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී/ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙසද කටයුතු කර ඇත. එයට පෙර සහකාර සාමාන්‍යාධිකාරී මානව සම්පත් කළමනාකරණ හා සංවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි පුහුණුකිරීම් හා වයඹ ප්‍රාදේශිය ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කළමනාකරු මානව සම්පත් හා පාලන ලෙසද කටයුතු කර ඇත.



අදහස් (0)

HDFC බැංකුවේ නව සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී හේමාල් ලොකුගීගන වැඩ භාරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site