
HDFC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී බැංකුවේ කාර්ය මණ්ඩලයේ දරුවන්ගේ නිර්මාණශීලිත්වය වෙනුවෙන් චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා වර්ණවත් වැඩසටහනක් පසුගියදා සංවිධාන කළේය. ලෝක ළමා දිනය සැමරීම සඳහා මෙම චිත්‍ර නිර්මාණ තරගය ‘ලස්සන ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ සංවිධාන කර තිබුණි.
මෙම අවස්ථාවට බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරි හේමාල් ලොකුගීගන මහතා ඇතුළු ආයතනික කළමනාකාරිත්වය මෙන්ම සෙසු නිලධාරී මහත්ම මහත්මීහුද සහභාගි වූහ. ඔවුන්ගේ සහභාගිත්වය මෙම අවස්ථාවට විශේෂයක් එක් කළ අතර, මිත්‍රශීලි සහ සමබර සේවා පරිසරයක් නිර්මාණය කිරීමට බැංකුවේ කැපවීම එමගින් පෙන්නුම් කරන ලදි. වැඩසටහන අවසානයේදී, දරුවන්ගේ නිර්මාණශීලිත්වය හා උනන්දුව අගය කිරීම සිදුකෙරුණි. මෙම අවස්ථාව දරුවන්ට එසේම මවුපියන්ටද සුවිශේෂී මතක එක් කළ වැඩසටහනකි.
HDFC කාර්ය මණ්ඩලයේ දරුවන් සමග ලෝක ළමා දිනය වර්ණවත් කරයි