භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව හෙවත් HDFC බැංකුවේ කොටසක වටිනාකම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
HDFC බැංකුවේ සිදු කරන ප්රතිව්යුහගකිරිම යටතේ එය ලංකා බැංකුවට පැවරීමට රජය ගෙන ඇති තීරණයත් සමගින්ම මෙම තත්වය වාර්තාවීමත් විශේෂත්වයකි.
ඒ අනුව ඊයේ (13) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු අවසානයේදී HDFC බැංකුවේ කොටසක වටිනාකම රුපියල් 75.70ක් ලෙස සටහන් වූ අතර, එය පෙර (12) දිනයේ පැවැති රුපියල් 60.80 ට සාපේක්ෂව රුපියල් 14.90 ක එනම් සියයට 24.51ක ඉහළ යාමකි. එසේම 11 වැනිදා HDFC කොටසක වටිනාකම රුපියල් 48.70ක් විය.
පසුගිය නොවැම්බර් 11 වැනිදා පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම්දීමේදී මෙම පැවරීම සම්බන්ධයෙන් අනාවරණය කෙරුණු අතර, එදින සිට ගත වූ දින දෙකේදී පමණක් HDFC කොටසක වටිනාකම රුපියල් 27 කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර ආසන්න දින දෙකේදී සිදු වූ මෙම කොටස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් HDFC බැංකුව ඊයේ දිනයේදී ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව දැනුවත් කිරීමටද පියවර ගත්තේය. එහිදී කැබිනට් මණ්ඩල තීරණය මෙම මිල ඉහළ යාමට මූලික හේතුව බව ඔවුන් සඳහන් කර තිබේ.
HDFC ලංකා බැංකුවට පැවරීමත් සමග කොටසක අගය සියයට 24.51කින් ඉහළට