 මෙරට ප්‍රමුඛතම සුඛෝපභෝගී වැඩිහිටි සත්කාර සහ සුවතා මධ්‍යස්ථානය වන මීගමුව Grand Leisure Care & Wellness Resort  සුව පහසුවල වෘත්තීමය රැකවරණය සමග නිවාඩු නිකේතනයක දිවි ගෙවීම හා සමාන අත්දැකීමක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හඳුන්වා දෙයි. Grand Leisure Care & Wellness Resort සමග සම්බන්ධ වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සියයට 40ක සුවිශේෂ වට්ටමක්ද හඳුන්වා දී තිබේ.

ගෞරවය සහ සතුට පිරුණු ජීවිතයක් ගත කිරීමට ජ්‍යෙෂ්ට පුරවැසියන්ට අවකාශය සලසන Grand Leisure Care & Wellness Resort පැය 24 පුරා ක්‍රියාත්මක වන වෛද්‍ය රැකවරණය පුද්ගලාරෝපිත සුවතා වැඩසටහන්ල භෞත චිකිත්සක පහසුකම්ල පුනරුත්ථාපන වැඩසටහන් ඇතුළු සේවා රැසක් පවත්වා ගෙන යයි. රැකියාවල පවුලේ කටයුතුල සංචාරක අවශ්‍යතා හෝ වෙනත් වගකීම් සමග කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඕනෑම අයකුට ඔවුන්ගේ පවුල්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙටි කාලයකට හෝ දීර්ඝ කාලයකට Grand Leisure Care & Wellness Resort සමග සම්බන්ධ කළ හැකිය.
සාම්ප්‍රදායික වැඩිහිටි සත්කාර මධ්‍යස්ථාන සංකල්පයෙන් ඔබ්බට යමින් සුඛෝපභෝගී හෝටලයක් හා සමානව නිර්මාණය කර ඇති Grand Leisure Care & Wellness Resort ඉඩ සහිත කාමරවලින් ප්‍රණීත ආහාර පානවලින්, පිහිනුම් තටාකයකින් අලංකාර ගෙවත්තකින් සහ අනෙකුත් සියලු පහසුකම්වලින් සමන්විත වේ. සියලු පහසුකම් සහිත පැකේජයක් සඳහා ගෙවිය යුතු මාසික ගාස්තුව රුපියල් 110,000කි (ආසන්න වශයෙන් ඩොලර් 360කි). එය විදේශීය වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන අය කරන ගාස්තුවට වඩා බොහෝ පහළ අගයකි. දෛනික ගාස්තු ක්‍රමයක්ද ක්‍රියාත්මක වේ. එහි නවාතැන් ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පවුල්වල සාමාජිකයන්ටද ඔවුන්ගේ ආදරණීයයන් සමග නවාතැන් ගැනීමට පහසුකම් සලසා ඇතග ඔවුන්ටද සුඛෝපභෝගී හෝටලයක ඇති සියලු පහසුකම් අත්විඳිය හැකිය.
Grand Leisure Care & Wellness Resort වෙතින් වැඩිහිටියන්ට සුව පහසු දිවියක අත්දැකීමක්