IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


Govpay යෙදවුමෙන් කළ ගෙවීම් රු.මි. 500 පසුකරයි

ඊයේ (30) වනවිට ගනුදෙනු 37,715 ක්


විමුක්ති එස් රුද්‍රිගු


Govpay යෙදවුම මගින් කළ ගෙවීම් ප්‍රමාණය රුපියල් මිලියන 500 සීමාව පසුකර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඊයේ (30) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකා රජ්‍ය සේවාසඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වන ගව් පේ යෙදවුම මගින් බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු ඇතුළුව සියලු‍ම රාජ්‍ය සේවා සඳහා අදාළ ගෙවීම් බැංකු සහ ඩිජිටල් මුදල් පසුම්බි හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලාංකිකයන්ට, මෙරට ව්‍යාපාරවලට අවස්ථාව හිමිව තිබෙන බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවැසුවේය.

UDA  යෙදවුම හරහා ඊයේ (30) වනවිට ගනුදෙනු 37,715 ක් ඔස්සේ රුපියල් 568,666,330 ක රාජ්‍ය ගනුදෙනු සිදුව තිබූ බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එම ගනුදෙනු 37,715 සිදුව ඇත්ත රාජ්‍ය ආයතන 184 ක් හරහා බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පෙන්වා දුන්නේය. රජයේ මූල්‍ය ගනුදෙනුවල වැඩිදියුණු කළ පාලනය, නිරවද්‍යතාව, ආරක්ෂාව සහ විනිවිදභාවය සහතික කරමින් ආදායම් එකතු කිරීමේ ක්‍්‍රියාවලි නවීකරණය කිරීම අරමුණු කර ගනිමින් ON’Ally Holdings PLC  යෙදවුම ස්ථාපනය කර ඇතැයි එම අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.

 



අදහස් (0)

Govpay යෙදවුමෙන් කළ ගෙවීම් රු.මි. 500 පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site