භානුක අමරසිංහ
රජයේ ආයතන වෙනුවෙන් වන ගෙවීම් සඳහා ආරම්භ කළ GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව සමගින් සම්බන්ධ කෙරුණු රාජ්‍ය ආයතන සංඛ්‍යාව මේ වනවිට 132 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
මේ වසරේ පෙබරවාරි මස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම GovPay ජනගත කෙරිණි. මේ හරහා අද වන විට රාජ්‍ය සේවා 1,767 ක් සඳහා රුපියල් මිලියන 110 කට අධික වටිනාකමකින් යුත් ගෙවීම් සිදුකර ඇති බව සඳහන් වෙයි. එසේම බැංකු 14ක් සහ FinTech යෙදුම් 6ක් GovPay හා සම්බන්ධ වී ඇත.
මෙහි අවස්ථාවක් ලෙස පසුගියදා දකුණු පළාත ද මෙම GovPay වේදිකාව සමගින් සම්බන්ධ විය. එහිදී එම පළාත පුරා විහිදී සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ක්‍රමයට ගෙවීම් පිළිගැනීම මේ සමගින් ආරම්භ කෙරී තිබේ.
ඒ අනුව, GovPay හරහා, පළාතක් යටතේ එන සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල් ගෙවීම් මගින් සවිගැන්වුණු ප්‍රථම පළාත ලෙස දකුණු පළාත ඉතිහාසගත වන බවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. එසේම එය ආදර්ශයට ගනිමින් දිවයින පුරා ඇති සෙසු පළාත් සහ රාජ්‍ය පරිපාලන ඒකක ද GovPay හා සම්බන්ධ වීම කඩිනම් වනු ඇතැයි බලාපොරොත්තු වන බවද එම නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කරයි.
GovPay හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව 132 දක්වා ඉහළට