IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


Gem Sri Lanka 2026 ප්‍රදර්ශනය හඳුන්වාදීමේ උළෙල අද

නිමල කොඩිතුවක්කු

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) විසින් සංවිධානය කරන ලබන Gem Sri Lanka 2026 ප්‍රදර්ශනය හඳුන්වාදීමේ උළෙල අද (26) වැනි දින සවස 4:00 ට කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවැත්වේ.

Gem Sri Lanka 2026 වෙළෙඳ ප්‍රදර්ශනය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන අතර, මෙහි තුන්වැනි ප්‍රදර්ශනය 2026 ජනවාරි 7 සිට 9 දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. “The Source. The Production. The Selection,” යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන, Gem Sri Lanka 2026, දුර්ලභ, උසස් තත්වයේ මැණික් ගල් මිලදී ගැනීමටද, ශ්‍රී ලංකාව ලෝකයේ මැණික් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමද මෙම ප්‍රදර්ශනයේ අපේක්ෂාව වේ.

මෙම ප්‍රදර්ශනය හරහා මැණික් ගැනුම්කරුවන්ට අවස්ථාව උදාවන අතර, ශ්‍රී ලංකාවේ අව්‍යාජ මැණික් සම්භවය ලෝකයේ වඩාත්ම සුවිශේෂී ගැනුම්කරුවන් සහ සුඛෝපභෝගී වෙළෙඳපොළවල් සමග සම්බන්ධ කරයි.

 



අදහස් (0)

Gem Sri Lanka 2026 ප්‍රදර්ශනය හඳුන්වාදීමේ උළෙල අද

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site