IMG-LOGO

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා


’Gem Sri Lanka - 2025’ ඇරැඹේ


 


අංජුල මහික වීරරත්න


“Gem Sri Lanka - 2025”‍ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී ඊයේ (08) පෙරවරුවේ ආරම්භ විය.

චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වැනිදා දක්වා පැවැත්වේ.

“Gem Sri Lanka - 2025”‍ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්‍ෂණයටද එක්වූ අතර, මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු‍ පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය. 
මෙවර “Gem Sri Lanka - 2025”‍ ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 103 කින් සමන්විත අතර, මේ සඳහා දෙස් විදෙස් ගැනුම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි. 

 



අදහස් (0)

’Gem Sri Lanka - 2025’ ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site