IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


GS EVO Motors සහ ජපානයේ ITOCHU සමාගම එකතුවෙන් MEV EVEASY විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවට

 

  • වරක් ආරෝපණය කර කිලෝමීටර් 500 ක් දක්වා ධාවනය කළ හැකියි

ශ්‍රී ලංකාවේ කීර්තිමත්, මෝටර් රථ ගෙන්වා බෙදාහරින සමාගමක් වන ජී එස් එවෝ මෝටර්ස් (GS EVO Motors) සමාගම විසින් ජපානයේ කීර්තිමත් ඉතෝචු (ITOCHU) සමාගම සමඟ සහයෝගීතාවෙන් ලොව කීර්තිමත් JMEV සන්නාමයට අයත් JMEV EVEASY විදුලි මෝටර් රථ මාදිලිය ලංකාවට හඳුන්වාදීම පසුගියදා කොළඹ වෝට්ර්ජ් එජ් හෝටලයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. 

මෙම අවස්ථාවට මෙරට මෝටර් රථ, බලශක්ති සහ තිරසාර සංවර්ධන යන ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් විශේෂ ආරාධිත අමුත්තන් රැසක් මෙන්ම එම සමාගම්වල කළමනාකාරීත්වය සහ නියෝජිතයෝ සහභාගී වූහ.

JMEV EVEASY මාදිලියට අයත් මෝටර් රථ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම තිරසාරත්වය මූලික කරගත්, පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය ප්‍රවර්ධනය කිරීමේ ජාතික මෙහෙයුමේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ බව පැවසිය හැකිය. ඒ මෙම නව JMEV EVEASY මාදිලියට අයත් මෝටර් රථ එම මාදිලිය වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ නව පරිසර හිතකාමී තාක්ෂණයෙන් අනුන වන හෙයිනි. ඒ අනුව සෑම JMEV EVEASY රථයක්ම ශුන්‍ය කාබන් විමෝචනයක් ඉලක්ක කරගත් තාක්ෂණය ඇතුළු තවත් සුවිශේෂි අංගයන් සහ JMEV මෝටර් රථවලටම අනන්‍ය වන දැකුම්කළු නිමාව සමගින් නිර්මාණය කෙරී ඇත.

වරක් ආරෝපණය කර කිලෝමීටර් 500 ක් දක්වා ධාවනය කළ හැකි JMEV EVEASY මෝටර් රථ, වසර 8 ක් හෝ කිලෝමීටර් 150,000 ක දුරක් සඳහා වලංගු වන බැටරි වගකීම් සහතිකයක් සහ වසර 6 ක් හෝ කිලෝමීටර් 150,000 ක සාමාන්‍ය වගකීම් සහතිකයක් හිමි වීම විශේෂත්වයකි. එමෙන්ම ආරෝපණය කිරීම සඳහා ක්‍රම ගණනාවක් ඇති අතර සාමාන්‍ය ආකාරයට පොදු ආරෝපණ මධ්‍යස්ථාන වලින් (DC) ධාරාවෙන් වේගවත් ආරෝපණයක් සිදු කරගැනීමට මෙන්ම බිත්තියට සවි කළ ආරෝපකයක් හෝ සාමාන්‍ය ප්ලග් එකක් යොදා ගෙන නිවසේ සිටම (AC) ධාරාවෙන් ආරෝපණය කිරීමටද JMEV EVEASY හිමිකරුවන් හට හැකියාව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් GS Group සමාගමේ සභාපති සුනිල් වෙත්තසිංහ මහතා මෙසේ පැවසීය. “මෝටර් රථ වාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දේශීය සමාගමක් වශයෙන් අපි විශ්වාස කරන සත්‍යයක් වන්නේ දියුණුව කරා යන ගමන වැදගත් අරමුණු පෙරදැරිව යා යුතු බවයි. ඒ නිසා JMEV EVEASY විදුලි මෝටර් රථ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම යනු මෙරට වෙළෙඳපොළට තවත් මෝටර් රථ හඳුන්වාදීමකින් ඔබ්බට ගිය, අපේ රටේ අනාගත තිරසාර දැක්මට ගැළපෙන සහ අපේ රටටම ගැළපෙන ඉංජිනේරු තාක්ෂණයෙන් සපිරි තිරසාර විසඳුමක් හඳුන්වාදීමක් වශයෙන් අපි සලකනවා. JMEV EVEASY සහ අප අතර සහයෝගීතාව තිරසාරාත්මක උසස් ගුණාත්මකබවින් යුත් ප්‍රවාහන මාධ්‍යයක් ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් නිර්මාණය කිරීම වෙනුවෙන් වැදගත් පියවරක්. JMEV EVEASY අද්වීතීය තාක්ෂණය සහ GS Group සමාගමේ විශ්වාසනීය සේවය ශ්‍රී ලාංකික රියදුරන් හට ආත්ම විශ්වාසයෙන් යුතුව විදුලි මෝටර් රථ ප්‍රවාහනයේ අනාගතය කරා යොමු වීමට අවස්ථාව උදා කරනු ඇති.”

JMEV EVEASY විදුලි වාහන මාදිලිය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාර්ග තත්වය සහ දේශගුණික තත්වවලට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කර ඇති අතර දේශීය තත්වය යටතේ තත්ව පරීක්ෂණයන්ට භාජන කර සාර්ථකත්වය තහවුරු කර ඇත. එමෙන්ම මෙම මෝටර් රථ පහත කොටස් බිම නොවදින ආකාරයට නැවත සකස් කර, සස්පෙන්ෂන් පද්ධතිය උපරිම කාර්යක්ෂමතාව දක්වා වර්ධනය කර ඇති අතර දකුණු ආසියානු කලාපයේ මාවත් තුළ උපරිම සුවපහසුව ලබාදෙන බවට තහවුරු කර ඇත.

JMEV EVEASY මෝටර් රථ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා GS EVO Motors  සමාගම සහ ITOCHU සමාගම සමග ඇති වුණු මෙම සබඳතාව ශ්‍රී ලංකාවේ හරිත අනාගතයක් ඉලක්ක කරගත් තිරසාර ගමනේ එක් විශේෂ සන්ධිස්ථානයක් වශයෙන් හැඳින්විය හැකිය. ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පරිසර හිතකාමීබවින් සහ තිරසාරත්වයෙන් දියණු ප්‍රවාහනයක් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩවම, ලොව නවීනතම තාක්ෂණයෙන් යුත්, සුවපහසුවෙන් උසස්ම මෝටර් රථ මෙරටට සැපයීමට GS EVO Motors සහ  ITOCHU සමාගම් කැප වී සිටී.



අදහස් (0)

GS EVO Motors සහ ජපානයේ ITOCHU සමාගම එකතුවෙන් MEV EVEASY විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site