IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


FitsAir ගුවන් සමාගම ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි


ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට එහි කලාපීය ගුවන් ගමන් ජාලය සඳහා ව්‍යාපාරික පන්තිය හඳුන්වා දුන් බව නිවේදනය කරයි. මෙම හඳුන්වා දීමෙන්  FitsAir හි උපායමාර්ගික සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එමගින් දැරිය හැකි මිලකට සුවපහසුව සහ සුඛෝපභෝගී විශේෂාංග සමගින් ඉහළ සේවාවක් ලබා දෙනු ඇත. 

FitsAir හි මෙම නව ව්‍යාපාරික පන්තිය, නූතන ව්‍යාපාරික සංචාරකයන් වෙනුවෙන්ම සුවිශේෂී ලෙස නිර්මාණය කර තිබෙන අතර, සෑම සේවාවකදීම ඔවුනට සුවපහසුවක් ලබා දීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව මගීන්ට ඉක්මනින් සිය ටිකට්පත් පරීක්ෂා කොට ප්‍රමුඛතා පිවිසුම හරහා පහසුවෙන් ගුවන් යානයට පිවිසීමේ හැකියාව සහ කඩිනමින් ගුවන් මලු‍ ලබා ගැනීම යනාදී පහසුකම් සලසා දී තිබේ. එමෙන්ම ආසන නැවත වෙන්කරවා ගැනීම් සහ අවලංගු කිරීම් සඳහා නම්‍යශීලී හා පහසු විකල්ප හඳුන්වා දී ඇති අතර එමගින් පියාසර කරන මගීන්ගේ මානසික සුවපහසුවට පිටුවහලක් සැලසෙනු ඇත. මෙහිදී FitsAir සමාගම, ව්‍යාපාරික මගීන්ට තම ගුවන් ගමනට පෙර විවේකීව සිටීම සඳහා වෙන් කරන ලද විවේකාගාර වෙත ප්‍රවේශ වීමේ පහසුකම් ද ලබා දෙනු ඇත. 

මේ අතර, මෙම මගීන් සඳහා කිලෝග්‍රෑම් 40ක ගමන් මලු‍ දීමනාවක් හා කිලෝග්‍රෑම් 10 ක අත් ගමන් මලු‍ දීමනාවක් සමඟින් ආසන වෙන් කර ගැනීමේ හැකියාව සහ ගුවන් විනෝදාස්වාදන පහසුකම් ඇතුළු තවත් බොහෝ විශේෂාංග රැසක් භුක්ති විඳීමට  FitsAir  ගුවන් සමාගම අවස්ථාව උදා කර දී තිබේ.

ව්‍යාපාරික පන්තිය හඳුන්වා දීම සම්බන්ධයෙන් FitsAir ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂAmmar Kassim මහතා මෙසේ අදහස් පළ කළේ ය. “අඩු පිරිවැය ගුවන් සේවයක් වශයෙන් අපගේ ඉලක්කය වන්නේ ගුවන් ගමන් පහසු කිරීමයි. ව්‍යපාරික පන්තිය හඳුන්වා දීම, අපගේ ගුවන් සේවාවේ තවත් එක් ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර, සාමාන්‍යයෙන් වියදම් පිළිබඳ සැලකිලිමත් වන ගුවන් මගීන්ට සැප පහසුකම් සහිත ඉහළ මට්ටමේ සේවාවක් භුක්ති විඳීමට හැකියාව පවතී‍. මේ සියල්ලෙන් දැරිය හැකි මිලකට සුඛෝපභෝගී සේවාවක් යනු කවරක්ද යන්න සැබෑ ලෙසම අරුත් ගැන්වීමට  FitsAir  ගුවන් සමාගමට හැකිවීම පිළිබඳව සතුටට පත් වෙමි”

නව ව්‍යාපාරික පන්තිය හඳුන්වා දීමත් සමඟ ගුවන් මගීන්ට දකුණු ආසියාව සහ මැදපෙරදිග කලාපය පුරා පියාසර කිරීමේ අත්දැකීම හිමි කරදීමෙන්, FitsAir ගුවන් සමාගමේ සේවාව තවදුරටත් ඉහළ නැංවෙනු ඇත. 



අදහස් (0)

FitsAir ගුවන් සමාගම ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site