IMG-LOGO

2026 පෙබරවාරි මස 18 වන බදාදා


Fitch වින්ඩ්ෆෝර්ස්ට ලබාදුන් A+ ශ්‍රේණිය එලෙසින්ම

ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම සඳහා ලබා දෙන ලද ස්ථාවර ඉදිරිදැක්මක් සහිතA+ ශ්‍රේණිය එලෙසින්ම පවත්වාගෙන යන බව පවසයි. වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය වෙළෙඳපොළ කිහිපයකම සිය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සිදු කරමින් දක්වන වර්ධනය මෙම ශ්‍රේණිය මගින් පිළිබිඹු වන බව ෆිච් රේටින්ස් සඳහන් කරයි. 
විශේෂයෙන්ම එම සමාගම ලංකා විදුලිබල මණ්ඩලය සමගින් ඇති කරගන්නා දිගුකාලීන විදුලිය මිලදී ගැනීමේ එකඟතා හේතුවෙන් ඔවුන් වෙත මුදල් ගලාඒමක් සිදුවන බවත් ෆිච් පවසයි. 
එම ආදායම්ද සමගින් 2027 මාර්තු අවසන් වන විට සමාගම සතු ණය අඩුවනු ඇතැයිද ෆිච් රේටින්ග්ස් පුරෝකථනය කර සිටියි.

 



අදහස් (0)

Fitch වින්ඩ්ෆෝර්ස්ට ලබාදුන් A+ ශ්‍රේණිය එලෙසින්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site