IMG-LOGO

2026 අගෝස්තු මස 26 වන බදාදා


First Capital Holdings වඩාත් විශිෂ්ට සේවා දීමට මීගමුව ශාඛාව වැඩිදියුණු කරයි



JXG  හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC සමාගමේ මීගමුව ශාඛාව වැඩිදියුණු කර විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසීම සඳහා, වැඩි ඉඩකඩක් සමගින් නවීනතම පහසුකම් ඇතුළත් කර මෙම ශාඛාව වැඩිදියුණු කර තිබේ. මීගමුව ශාඛාව යනු First Capital Holdings PLC සමාගමේ ශාඛා අතරින් ඉහළම කාර්යසාධනයක් වාර්තා කර ඇති ශාඛාවක් වන අතර, තම පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් සමාගම දිගින් දිගටම මෙවැනි ආයෝජන සිදුකරමින් සිටී. 

පහසුකම් වැඩිදියුණු කිරීමට අමතරව, පාරිභෝගිකයන්ට නිවැරදි මූල්‍ය කළමනාකරණයක් සඳහා මගපෙන්වමින් ඔවුන්ගේ මූල්‍ය යහපැවැත්ම තහවුරු කිරීමේ මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම සඳහා මීගමුව ශාඛාවේ කාර්ය මණ්ඩලය වැඩි කිරීමටද First Capital Holdings PLC සමාගම පියවර ගෙන තිබේ.



අදහස් (0)

First Capital Holdings වඩාත් විශිෂ්ට සේවා දීමට මීගමුව ශාඛාව වැඩිදියුණු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site