IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


F.C.C. ක්ලච් ඉන්දියා සමා⁣ගමේ බලයලත් නියෝජිත හමුවක්

 


කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි 


ජපන් තාක්ෂණයෙන් නියම යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කරනF.C.C.ක්ලච් ඉන්දියා සමා⁣ගමේ බලයලත් නියෝජිත හා පාරිභෝගික හමුවක් කොළඹ දී පැවැත්වුණි.

FCC ආයතනයේ ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයන් වන ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස්, ඒ.කේ.ජී.ඇසෝසියේටඩ් හා රොක්සි ඔටෝ යන ආයතන ගනුම්කරුවන් දෙසීයක් පමණ මීට සහභාගී වූහ.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව නව ආර්ථික දැක්මක් කරා ගමන් කරමින් සිටින හෙයින් නව ආයෝජන සඳහා ඉතාමත් හිතකර තත්වයක් පතින බව FCC ක්ලච් ඉන්දියා සමාගමේ ප්‍රධාන අලෙවි විධායක ජිටෙන්ඩර් සිං මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

FCC ක්ලච් ඉන්දියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චින්යා චිකුසා නව තාක්ෂණික නිපැයුම් ප්‍රධානි කොයිචි නො - නාකා  මොහොමඩ් රිස්වාන් ලුතුෆි,ගාමිණී ජයතිලක සහ ටී. තවරාජා ඇතුළු ජපානය,ඉන්දියාව හා බංග්ලාදේශයේ ව්‍යාපාරිකයෝ රැසක් මේ අවස්ථාවට එක් වූහ.

 



අදහස් (0)

F.C.C. ක්ලච් ඉන්දියා සමා⁣ගමේ බලයලත් නියෝජිත හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site