IMG-LOGO

2026 ජනවාරි මස 07 වන බදාදා


Evolution Auto නවතම Riddara RD6 Active විද්‍යුත් පිකප් රථය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගමනාගමනයේ ප්‍රමුඛයකු වන Evolution Auto විසින් නවතම, විද්‍යුත් පිකප් රථය වන Riddara RD6 Active එළිදැක්වීම  BMICH හි දී පැවති කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේ දී නිල වශයෙන් ප්‍රකාශ කළේය. SUV රථයක ඇති සුවපහසුව සමඟ මුසු කරමින් නිර්මාණය කර ඇති RD6 Active රථය, ශ්‍රී ලාංකේය ජීවන රටාවට විද්‍යුත් පිකප් රථවල ප්‍රවේශය, දැරිය හැකි මිල සහ අදාළත්වය වැඩි කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයකි.
Riddara RD6 Active යනු එම කාණ්ඩයේ වඩාත්ම දැරිය හැකි මිලට පවතින විද්‍යුත් පිකප් රථය වන අතර, එය තරුණයන්, වෘත්තිකයන්, පවුල් සහ ත්‍රාසජනක ක්‍රියාකාරකම් සිදු කරන්නන් සඳහා නිර්මාණය කර ඇත. එය  දෛනික භාවිතය සඳහා ක්‍රියාකාරීත්වය හා සුවපහසුව අතින් ඉදිරියෙන් සිටින අතර, ශක්තිමත් විදුලි කාර්ය සාධනයක් ලබා දෙයි.
ගෝලීය වශයෙන් පිළිගත් විද්‍යුත් ගමනාගමනයක් තහවුරු කරන Riddara RD6 Active රථය සාම්ප්‍රදායික පිකප් රථයකට වඩා SUV රථයකට සමාන සුමට, විශ්වාසදායක රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙන අතර, පිකප් රථයකින් අපේක්ෂා කරන ක්‍රියාකාරීත්වය ද පවත්වා ගනියි. RD6 Active රථය තනි ආරෝපණයකින් කිලෝමීටර 373ක් දක්වා පරාසයක් සහිත වන අතර, එය සතියේ දිනවල අවශ්‍යතා සහ සති අන්ත චාරිකා යන දෙකටම වඩාත් සුදුසු වේ.
Riddara RD6 Active රථයApple CarPlay  සහිත අඟල් 8ක infotainment  පද්ධතියක්, ඩිජිටල් රියදුරු උපකරණ පුවරුවක්, විද්‍යුත් රියදුරු පැති අසුන්, ලෙදර් ආසන සහ අඟල් 17ක Alloy Wheel වැනි බොහෝ සුවපහසුකම් හා නවීන විශේෂාංග සමඟින් පැමිණෙයි. ශ්‍රී ලංකාවේ මාර්ගවල ගමන් කිරීමේ දී පාරිභෝගිකයාගේ හිතට නිදහසක් ලබා දෙන මෙය වේගවත් ආරෝපණය සඳහා අවශ්‍ය උසස් ආරක්ෂිත විශේෂාංගවලින් සමන්විත වේ. 
ඉන්ධන මිල ඉහළ යාම සහ තිරසාරත්වය වඩාත් වැදගත් සාධකයක් බවට පත්වීමත් සමඟ, RD6 Active රථය සාම්ප්‍රදායික ඩීසල් පිකප් රථ සඳහා ප්‍රබල ආදේශකයක් සපයයි. මාර්ගයේ පැවැත්මට හානියක් නොකර, ධාවනය සහ නඩත්තුව සඳහා බෙහෙවින් අඩු පිරිවැයක් දරයි. ඒ සමඟම, එය වඩාත් පරිසර හිතකාමී වන අතර, සැලකිය යුතු ලෙස, සුමට රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි.
RD6 Active මගින් පෙන්නුම් කරන්නේ විද්‍යුත් පිකප් රථ සාම්ප්‍රදායික ඩීසල් වාහන මෙන් බලවත්, ප්‍රායෝගික සහ ශ්‍රී ලංකාවේ මාර්ග තත්වයන්ට හොඳින් ගැලපෙන බවයි. මින් විද්‍යුත් වාහන එදිනෙදා භාවිතයට සුදුසු නොවන බවට ඇති දුර්මතයන් බිඳ දමයි. අද වන විට දිවයින පුරා විද්‍යුත් වාහන ආරෝපණය කිරීමට ඇති, විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීමත් සහ නිවසේ දී ආරෝපණය කිරීමේ පහසුවත් මගින් විද්‍යුත් සංචලතාව වෙත මාරු වීමේ හැකියාව පහසු වෙමින් පවතී.
ශක්තිමත්, වගකීම්, විනිවිද පෙනෙන සේවා මාර්ගෝපදේශ සහ පුහුණු EV කාර්මික ශිල්පීන් සමගින්, Evolution Auto සමාගම ශ්‍රී ලංකාවේ EV වෙළඳපොලේ ඇති සිය විශ්වසනීයත්වය සහ විශේෂඥ දැනුම Riddara  සන්නාමයට ගෙන එයි. මීට අමතරව, Riddara පාරිභෝගිකයන්ට විශ්වාසදායක දිගුකාලීන සහාය ලැබෙන බවට සහතික කරමින් පෑලියගොඩ පිහිටි Evolution Auto  හි Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානය සමඟින් සමාගම සිය අලෙවියෙන් පසු සේවා පද්ධතිය ද ශක්තිමත් කර ඇත.
මේ අවස්ථාවට එක් වෙමින්, Evolution Auto හි ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා මෙසේ පැවසීය. “Riddara RD6 Active  හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගමනාගමනයේ අනාගතය වෙනුවෙන් තැබූ ප්‍රධාන පියවරක්. Evolution Auto හි අපගේ ඉලක්කය සෑමවිටම තිරසාර ප්‍රවාහනය, ප්‍රායෝගිකත්වය සහ සැමට පහසු ප්‍රවේශය යන්නයි. RD6 Active යනු හුදෙක් පිකප් රථයක් නොවේ. එය කාර්ය සාධනය, සුවපහසුව සහ වටිනාකම එකට එක් කරන සහ ශ්‍රී ලංකාවට පිරිසුදු, වඩා බුද්ධිමත් සංචලතා අනාගතයක් කරා සංක්‍රමණය වීමට උපකාර වන වාහනයක්. BMICH හි පැවති මෝටර් රථ ප්‍රදර්ශනයේ දී සිදු කළ මෙම දියත් කිරීමේ දී, වාහනය පිළිබඳ අපගේ විශ්වාසය සහ මේ සඳහා වෙළෙඳපොළේ වැඩි වන සූදානම පෙන්නුම් කරයි.



අදහස් (0)

Evolution Auto නවතම Riddara RD6 Active විද්‍යුත් පිකප් රථය හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site