Evolution Auto (Pvt) Ltd සමාගම Sterling Aftercare ආයතනය සමග සුවිශේෂී උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගනියි. මෙමගින් Evolution Auto ආයතනයෙන් වාහන මිල දී ගත් සහ මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ට දිවයින පුරා පිහිටි Sterling සේවා මධ්‍යස්ථාන හරහා සියලුම වාහන මාදිලි සඳහා ඉහළම මට්ටමේ පූර්ණ සේවා ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම සහයෝගීතාව ඔස්සේ සෑම Evolution Auto පාරිභෝගිකයකුටම ඉතා විශ්වාසනීය සහ උසස් තත්වයේ නඩත්තු සේවාවක් (Aftercare) ලබා ගැනීමට හැකි බව සහතික කරයි. නුගේගොඩ, කඩවත, රත්මලාන, ගාල්ල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ඉතා පහසුවෙන් ළඟා විය හැකි පරිදි පිහිටි සේවා මධ්‍යස්ථාන මගින් මෙම පහසුකම් සලසා දී ඇත.
පහසුවෙන් ලබාගත හැකි සහ සහතික කරන ලද වාහන නඩත්තු සේවා සඳහා පවතින ඉහළ ඉල්ලුම සපුරාලීම වෙනුවෙන්, Sterling Aftercare ආයතනය සිය විශ්වාසනීය පළපුරුද්ද සහ දිවයින පුරා විහිදුණු සේවා ජාලය උපයෝගී කර ගනියි. මෙහිදී වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා (Collision repair), වාහන ඔප දැමීම (Auto detailing), ජංගම සේවා සහාය (Mobile support) මෙන්ම සාමාන්‍ය වාහන අලුත්වැඩියාව සහ සේවා කටයුතු ඇතුළු පුළුල් පරාසයක සේවා රැසක් ලබා දෙයි.
මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් Evolution Auto (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා මෙසේ පැවසුවේය. “අප ගන්නා සෑම පියවරකදීම අපගේ පාරිභෝගිකයාට මුල් තැන ලබා දෙනවා. Sterling Aftercare සමග ඇති කරගත් මෙම සහයෝගීතාව නිසා දැන් Evolution Auto වාහන හිමියන්ට දිවයින පුරා ඕනෑම තැනක දී ඉහළම මට්ටමේ සේවා සහ අලුත්වැඩියා ලබා ගත හැකි බවට විශ්වාසයක් ඇති වෙනවා. අපගේ ඉලක්කය වන්නේ පාරිභෝගිකයා අප සමග සම්බන්ධ වන සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ විශ්වාසය සහ පහසුව තහවුරු කිරීමයි.”
Sterling Aftercare Guarantee හි විධායක අධ්‍යක්ෂ රවි පෙරේරා මහතා මෙසේ පැවසීය. “Sterling නාමය සැමවිටම බැඳී පවතින්නේ විශ්වාසනීයත්වය සහ ගුණාත්මකභාවය සමගයි. අපගේ විශ්වාසනීය පසුවිපරම් සේවා සහතිකය සමගින්, Evolution Auto වාහන හිමියන්ට කිසිදු බාධාවකින් තොරව විශිෂ්ට සේවා අත්දැකීමක් ලබාදීමට ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා.”
Evolution Auto සහ Sterling Aftercare අත්වැල් බැඳගනී