IMG-LOGO

2026 නොවැම්බර් මස 30 වන සඳුදා


ESNA හෝල්ඩිංග්ස් පැරගන් සිලෝන්හි සියයට 60.24ක් මිලදී ගනී

ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 93.4ක්
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පැරගන් සිලෝන් පීඑල්සී සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 602,555ක් මිලදී ගැනීමට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඒෂන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ESNA හෝල්ඩිංග්ස් සමාගම පියවර ගෙන තිබේ. මෙය සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 60.24 කි. 
පසුගිය නොවැම්බර් 20 වැනිදා සිදු වූ මෙම ගනුදෙනුවේදී එක් කොටසක් රුපියල් 155ක් බැගින් ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 93.4ක් (93,396,025ක්) ලෙස සටහන්ව තිබේ. 
ඒ අනුව මෙම ගනුදෙනුවත් සමගින් ESNA හෝල්ඩිංග්ස් කොළඹ කොටස් හුවමාරුව වෙතද ඇතුළුවව තිබෙන බව වාර්තා සඳහන් කරයි. මේ අතර ESNA හෝල්ඩිංග්ස් පසුගිය මාසයේදී ජෝන් කීල්ස් සමූහයට අයත්ව තිබූ Mackinnons Travels අත්පත් කරගැනීමටත් පියවර ගත්තේය. 
ESNA හෝල්ඩිංග්ස් සමාගම අද වනවිට යටිතලපහසුකම්, බලශක්ති, සැපයුම්සේවා, වෙළෙඳාම, ආගන්තුකසත්කාර, මූල්‍ය සේවා සහ නිෂ්පාදන යන අංශවල සිය මෙහෙයුම් සිදු කරයි.



අදහස් (0)

ESNA හෝල්ඩිංග්ස් පැරගන් සිලෝන්හි සියයට 60.24ක් මිලදී ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site