IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


E-8 වීසා යටතේ කොරියාවේ කෘෂි - ධීවර රුකියා

නිමල කොඩිතුවක්කු


කොරියානු ජන රජයේ කෘෂිකර්මාන්ත සහ ධීවර කටයුතු සඳහා සෘතුමය ශ්‍රමිකයන් යෙදවීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොරියානු ජන රජයේ E - 8 වීසා කාණ්ඩය (ඍතුමය සේවකයන්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2025 -02-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
 ඒ අනුව අවබෝධතා ගිවිසුම ඇති කර ගැනීම සඳහා කොරියා ජන රජයේ උනන්දුවක් දක්වන පළාත් පාලන ආයතන සමග රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සාකච්ඡා පවත්වා ඇත. කොරියා ජන රජයේ යොවෝල් පළාත් පාලන ආයතනය සමග පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා වී ඇත.
යෝජිත අවබෝධතා ගිවිසුමෙන්, ශ්‍රී ලාංකිකයන්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ කෙටි කාලයක් (මාස 5 සිට 8 දක්වා) යොන්වෝල් පළාතේ කෘෂිකාර්මික හා ධීවර ගම්මාන වල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලසෙනු ඇත.
යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. ඒ අනුව, යොන්වෝල් පළාත් පාලන ආයතනය සමග අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 



අදහස් (0)

E-8 වීසා යටතේ කොරියාවේ කෘෂි - ධීවර රුකියා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site