අන්තර්ජාතික වශයෙන් ඉහළ විශ්වාසයක් දිනා ගත් ජපානයේ Yuasa බැටරි සන්නාමය පිළිබඳ මෙරට එකම බෙදාහැරීම් නියෝජිතයා වන Douglas & Sons (Pvt) Ltd (dsl) සමාගම අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම නැවත වරක් තහවුරු කරන සුවිශේෂී උත්සවයක් පසුගියදා පැවැත්විණි. දශක 03කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට පැවැති සහයෝගීතාව තවදුරටත් සවිමත් කළ මෙම අවස්ථාව සමඟ Yuasa Asia සහ Douglas & Sons (Pvt) Ltd (dsl) ගමේ නිලධාරීන් රැසක් එක්ව සිටි අතර දිවයින පුරා විහිදී සිටින අලෙවි නියෝජිතයෝ රැසක් ද සහභාගී වූහ.
Douglas & Sons (Pvt) Ltd (dsl) සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සරෝජ් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ජයේන්ද්‍ර පිනිදියපතිරගේ, සමූහ විධායක අධ්‍යක්ෂ සුරේන් රාජනාදන්, අධ්‍යක්ෂ සිරිමල් දබරේරා යන මහත්වරු සහභාගී වූ අතර GS Yuasa International හි විදේශීය විකුණුම් අංශයේ සාමාන්‍යාධිකාරී තකොමි මට්සුසාකි මහතා (Takaomi Matsuzaki) සහ සයාකා ඉගුචි මහත්මිය ද (Sayaka Iguchi) සහභාගී වූහ. ඔවුන්ගේ සහභාගීත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය වෙත සිය දායකත්වය ලබාදෙමින් Yuasa සමග පවතින හවුල්කාරිත්වය සවිමත් කර ගැනීම සඳහා dsl දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් අවධාරණය විය.
Toyota, Honda, සහ Suzuki මනස වැනි ප්‍රමුඛ පෙළේ මෝටර් රථ සන්නාම සඳහා උසස් ගණයේ මුල් උපකරණ නිෂ්පාදක (OEM) බැටරි සැපයුම්කරුවකු ලෙස Yuasa ඉහළ විශ්වාසයක් දිනා ගනිමින් ලොව පුරා ප්‍රචලිත වී තිබේ. එමෙන්ම මේ වන විට එහි කාර්ය සාධනය, දිගුකල්පැවැත්ම සහ නවෝත්පාදන ඔස්සේ කර්මාන්තය තුළ නව මිනුමක් සලකුණු කිරීමට Yuasa සමත් වී ඇත. විවිධ වාහන මාදිලිවලට ගැළපෙන පරිදි විශේෂයෙන්ම නිර්මාණය කර ඇති බැටරි පෙළක් Yuasa සන්නාමය යටතේ නිෂ්පාදනය කර ඇති අතර උසස් තත්වය සහ ගුණාත්මකභාවය සමග ශ්‍රී ලංකාවේ මෝටර් රථ හිමියන්ගේ විශ්වසනීය තේරීමක් බවට පත්ව තිබේ.
Yuasa යනු ගෝලීය වශයෙන් ඉහළ කීර්තියක් දිනා ගත් සන්නාමයක් පමණක් නොව එය විශ්වසනීයත්වය සහ කාර්ය සාධනය අඛණ්ඩව පාරිභෝගික ජනතාව වෙත පිරිනැමූ සන්නාමයකි. වසර ගණනාවක් පුරා Yuasa සහDouglas & Sons (Pvt) Ltd (dsl) සමාගම අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාව පුරා Yuasa සන්නාමය අඛණ්ඩව දියත් කිරීම කෙරෙහි අලෙවිකරුවන්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතිත්වය බෙහෙවින් ඉවහල් වී තිබේ.
මෙම අවස්ථාවට Yuasa Asia හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ පැමිණීම හරහා දේශීය වෙළෙඳපොළ කෙරෙහි සමාගම තබා ඇති විශ්වාසය මැනවින් ඉස්මතු විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Yuasa හි විදේශ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී තකොමි මට්සුසාකි මහතා (Takaomi Matsuzaki) මෙසේ ප්‍රකාශ කළේය. ”බැටරි තාක්ෂණය පිළිබඳව සියවසකට අධික විශිෂ්ටත්වයක් Yuasa සන්නාමය සතුව තිබෙනවා. එබැවින් dsl සමඟ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට ලැබීම වැදගත් කරුණක්. ශ්‍රී ලංකාව තුළ අපට අත්‍යවශ්‍ය වෙළෙඳපොළ අවස්ථාවක් පවතිනවා. මෙරට මෝටර් රථ කර්මාන්තයට ඉහළම ගෝලීය ප්‍රමිතීන්ට අනුව නිපැයූ අපගේ නිෂ්පාදන සපයමින් අපගේ සහයෝගය ලබාදීමට හැකියාව ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා.”
Douglas & Sons සහ Yuasa Asia සහයෝගීතාවෙන් දේශීය මෝටර් රථ කර්මාන්තය සවිබල ගැන්වේ