IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


Doctor J Premium Dental Care නිර්මාතෘට BWIO සම්මානය

Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධිධාරියකු වන ඔහු මෙරට කීර්තිමත් දන්ත වෛද්‍යවරයෙකි. 
කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක සේවය කර අත්දැකීම් සම්භාරයක් ලබා ඇති ඔහු ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකද සේවය කිරීමෙන් අනතුරුව Doctor J Premium Dental Care ආයතනය ඇරැඹීය. එය නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටා තිබේ. එම ආයතනය නවීන තාක්ෂණය යොදා ගනිමින් Restorative Dentistry, Cosmetic Procedures සහ Implantology වැනි අංශ රැසකට අයත් දන්ත වෛද්‍ය ප්‍රතිකාර සපයයි. 
ඔහු International College of Continuing Dental Education (FICCDE) සහ Pierre Fauchard Academy (USA) වැනි ආයතනවල කීර්තිමත් 
සාමාජිකයෙක් වේ.



අදහස් (0)

Doctor J Premium Dental Care නිර්මාතෘට BWIO සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site