IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


‘Diva පවුලේ වාසනාව‘ තරගයට TOYOTA Lanka සමග අත්වැල් බැඳ ගනියි

Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva සන්නාමය, “Diva  පවුලේ වාසනාව” තරගය​ දියත් කිරීම උදෙසා, ගෝලීය සංචලනයේ පුරෝගාමියකු වන TOYOTA Lanka සමඟ සහයෝගීතාවකට එක් වන ලදී. 
දශක දෙකකට වැඩි කාලයක් මුලු‍ල්ලේ Diva සන්නාමය, රෙදි සේදුම් කාණ්ඩයේ කළ නවෝත්පාදන සමරමින්, ලාංකික පවුල්වලට වැඩි අගයක් එකතු කිරීමේ අරමුණින් Diva පවුලේ වාසනාව ක්‍රීයාත්මක කෙරේ. Diva සන්නාමයේ විශ්වාසනීය පාරිභෝගිකයන් වෙත Diva පවුලේ වාසනාව”‍ වෙතින් සුපිරි ත්‍යාගය ලෙස TOYOTA WiGO  මෝටර් රථයක් පිරිනමන අතර, දිනපතා, සතිපතා හා මාසික දිනුම් ඇදීම්වලින් ජයග්‍රාහකයන් දහසකට රීලෝඩ්, ඉලෙක්ට්‍රික් අයන්, ස්මාට් ජංගම දුරකථන, ලැප්ටොප් පරිගනක, රෙදි සෝදන යන්ත්‍ර සහ එක්දින විනෝද චාරිකා පැකේජ් දක්වා විවිධ ත්‍යාග පිරිනමයි. Diva සහ TOYOTA Lanka  යන සන්නාමයන් විසින් ශ්‍රී ලාංකික ජීවිත පොහොසත් කිරීම සඳහා වන පොදු දැක්ම මෙමගින් පිළිබිඹු කරයි. නවෝත්පාදනයේ පුරෝගාමියෙකු සහ ශ්‍රී ලාංකික පවුල්වලට වටිනාකමක් එක් කරන සන්නාමයක් ලෙසDiva  හි දිගුකාලීන උරුමයි. Diva  පවුලේ වාසනාව”‍ වැඩසටහන වෙතින්  ශක්තිමත් කරයි. TOYOTA Lanka සමඟ Diva  හි හවුල්කාරිත්වය මෙම මුලපිරීමට තවදුරටත් විශ්වසනීයත්වයක් හා කීර්තියක් එකතු කරයි.



අදහස් (0)

‘Diva පවුලේ වාසනාව‘ තරගයට TOYOTA Lanka සමග අත්වැල් බැඳ ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site