
ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩිජිටල් Platforms සහ සහයෝගිතා අංශයේ, උප සභාපතිනි මුදිතා ප්‍රේමරත්න මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා සහ Daraz Sri Lanka ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රුක්ෂාන් සේවියර් මහතා ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Dialog Pay හරහා මෙරට ජනතාවගේ ජීවිතවලට ඩිජිටල් ගෙවීමේ ක්‍රම තව තවත් සමීප කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, දිවයිනේ ප්‍රමුඛතම අන්තර්ජාල වාණිජ වෙබ් අඩවියක් වනDaraz Sri Lanka හා එක්ව, පාරිභෝගිකයන්ට පහසුවෙන් භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකියාව ලබාදී ඇති බව නිවේදනය කරයි. ඒ අනුව දැන් පාරිභෝගිකයන්ට, තමන් ඇණවුම් කරන භාණ්ඩ, COD (Cash on Delivery) ක්‍රමයට ගෙදරටම ගෙන්වා ගත හැකි අතර, භාණ්ඩය රැගෙන එන නියෝජිතයා ඉදිරිපත් කරන Dialog Pay QR කේතය Dialog Pay හරහා ආරක්ෂිතව හා පහසුවෙන් ගෙවීම් කළ හැකිය. මෙලෙස සිදුකරන සෑම ගනුදෙනුවක් සඳහාම නොමිලේ Dialog Data වාසිද ඔවුන්ට හිමි වේ.
මෙම සුවිශේෂී සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් Daraz Sri Lanka ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රුක්ෂාන් සේවියර් මහතා මෙසේ සඳහන් කළේය. ”ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද මගින්, ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වාණිජ ක්ෂේත්‍රයේ වෙනස්කම් සඳහා ඉවහල් වන විශාල කාර්යභාරයක් ඉදිරියේදී ඉටු කෙරෙන බව Daraz Sri Lanka හි අපට විශ්වාසයි. Online ආයතනය සමග ඇති කරගත් මෙම සහයෝගිතාවෙන්, අපගේ පාරිභෝගිකයන්ට Online මගින් භාණ්ඩ මිලදීගැනීමට පහසු හා ආරක්ෂිත අත්දැකීමක් පිරිනමමින්, ඩිජිටල් ගනුදෙනු සමගින් වේගයෙන් දියණුවන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට දායක වීමට ආයතන දෙකේම පොදු කැපවීම පිළිබිඹු වෙනවා. ඒ වගේම, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් ඩිජිටල් ගෙවීම්වලට වැඩි වශයෙන් යොමු කරමින් ඔවුන්ට උපරිම වාසි ලබාදීම අපේක්ෂාවයි.
Daraz Sri Lanka සතු පුළුල් අන්තර්ජාල වාණිජ ව්‍යාප්ති හැකියාව සමඟ ඩයලොග් හි ඩිජිටල් ගෙවීම් තාක්ෂණය එක්කර පාරිභෝගිකයන්ට වාසිදායක, වඩාත් පහසු, අත්දැකීමක් සමගින්, රට පුරා ඩිජිටල් ගෙවීම් සංස්කෘතිය දිරිමත් කිරීමටත් අපි කැප වෙනවා.”
My Dialog App සමග ඒකාබද්ධ කර ඇති Dialog Pay මගින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයයකුගේම ඩිජිටල් ගෙවීම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග්හි අරමුණයි.
පාරිභෝගිකයන්ට දැන් Dialog Pay App සහ ඵ MyDialog App හරහා තම eZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමැති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක. එමගින්, LankaQR හරහා මුදල් ගෙවීමද, වෙනත් ගිණුමකට මුදල් යැවීමද පහසුවෙන්ම කළ හැකි වේ. එමෙන්ම, ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ පහසුවත් මෙමගින් සලසා දී ඇති අතර, Dialog Finance මගින් ණය පහසුකම් ලබාගැනීමටද මෙය භාවිත කළ හැක.
රට පුරාම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙළෙඳසල් 100 000කට අධික ප්‍රමාණයකදී පාරිභෝගිකයන්ට ඉතා ආරක්ෂිතව, වඩාත් පහසුවෙන් LankaQR ගෙවීම් කිරීමේ හැකියාව පිරිනමන Dialog Pay සමගින් පාරිභෝගිකයන්ට, පහසුවෙන්ම ඩිජිටල් ගනුදෙනු කර, ඩයලොග් වෙතින් Data වාසිද අත්විඳිය හැක.
ඩිජිටල් ගෙවීම්, එදිනෙදා පුරුද්දක් බවට පත් කිරීම සඳහා එලෙසින් ජනතාව දිරිගන්වන Dialog Pay සියලු දෙනා ඇතුළත් කරගනිමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමටද මග සකසයි.
Dialog Pay සමගින් ඩිජිටල් වෙළෙඳ ගනුදෙනු සඳහා Daraz Sri Lanka එක්වෙයි