මෙරට ජපන් භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයකු වන Datatech Lanka පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ජපන් භාෂා පාසල ලෙස සම්මාන ලැබුවේය. එහිදී ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ශ්‍රීමත් ජී.කේ.ටී.සී.එම්. ගුලවිට මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
2017දී ඇරැඹුණු Datatech Lanka සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සාර්ථක ලෙස ජපානයට යැවීමේ සහ ජපන් භාෂා අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයකි. ජපන් භාෂා හැකියා පරීක්ෂණය (JLPT), ජපන් භාෂාව මව් භාෂාව නොවන පුද්ගලයන්ගේ ජපන් භාෂා දැනුම පරීක්ෂා කිරීම සඳහා පැවැත්වෙන NAT විභාගයට සිසුන් සූදානම් කරවීම, මාර්ගගත ඉගැන්වීම්, ශිෂ්‍ය සහ පුහුණු වීසා සහාය, ජපන් උපදේශකවරුන් යටතේ ප්‍රයෝගික පුහුණු සැසි පැවැත්වීම ඔවුන් සපයන සේවා අතර වේ.
සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනික සහ වෘත්තීය අභිලාෂ සපුරා ගැනීමට ඔවුන්ට සහාය වනDatatech Lanka සමාගම මෙරට විශිෂ්ටතම ජපන් අධ්‍යාපන මධ්‍යස්ථානය ලෙස කීර්ති නාමයක් දිනා ඇත. ඔවුන්ගේ නවතම අධ්‍යාපන පාසල දිවුලපිටිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අගෝස්තු මාසයේදී විවෘත කිරීමට නියමිතය. Datatech Lanka ආයතනය විධිමත් ලෙස පුහුණුව ලැබූ උපදේශකයන් යටතේ නම්‍යශීලී ක්‍රමවේදයකට මෙන්ම මනෝවිද්‍යානුකූල ඉගෙනුම් රටාවකට සිසුන්ගේ භාෂා දැනුම වර්ධනය කරයි. ඔවුන් මීට පෙර ජාතික ව්‍යවසායකත්ව ජනාධිපති සම්මානය, ආසියානු ජාතික ව්‍යවසායකත්ව සම්මානය, ස්වර්ණසිංහ ජාතික සම්මානය හා පිනකල් 2024 සම්මානය ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.
Datatech Lanka සමාගම BWIO සම්මාන දිනයි