භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත Dipped Products PLC සමාගම සහ එම සමාගම යටතේ පවතින DPL Premier Gloves Limited සමාගම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇතැයි එම සමාගම පවසයි.
DPL Premier Gloves Limited සමාගම Dipped Products PLC සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි. මෙම යෝජිත ඒකාබද්ධ කිරීම හරහා සමාගම වෙත මූල්‍යමය වශයෙන් සහ මෙහෙයුම් වශයෙන් ප්‍රතිලාභ හිමිවන බව එම සමාගම පවසයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස 2014 වසරේදී මෙම DPL Premier Gloves Limited සමාගම බියගම අපනයන සැකසුම් කලාපයේ ආරම්භ කර තිබේ. Dipped Products PLC සමාගම හේලීස් සමූහයට අයත් සමාගමකි.
DPL හි සමාගම් දෙකක් ඒකාබද්ධ කිරීමට BOI අනුමැතිය ඉල්ලයි