IMG-LOGO

2026 ජනවාරි මස 07 වන බදාදා


“DIVA පවුලේ වාසනාව” වැඩසටහනේ TOYOTA WiGO ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කෙරේ

වසර 20කට වැඩි කාල පරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක රෙදි සේදුම් සන්නාමයක් වන Diva සිය ‘’Diva පවුලේ වාසනාව’’ මෙගා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් දිනුම් ඇදීම 2025 ඔක්තෝබර් 28 වැනි දින පැවැති අතර, සුපිරි ත්‍යාගය 2025 නොවැම්බර් 7 වැනි දින වත්තල TOYOTA Lanka ප්‍රදර්ශනාගාරයේ දී පිරිනැමිණි. 
සමස්ත වැඩසටහනේම සුපිරි ත්‍යාගය වූ නවතම TOYOTA WiGO මෝටර් රථය, පොළොන්නරුවේ පදිංචි යූ.බී. සමන් උදය කුමාර මහතාට පිරිනමන ලදී. මාස 3ක ප්‍රවර්ධන කාල සීමාව තුළ ත්‍යාග 1,100කට වැඩි ප්‍රමාණයක්  පිරිනමමින්, සිය පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ ලබා දුන් මෙම වැඩසටහන සාර්ථකව නිම කරන ලදී.
‘’Diva පවුලේ වාසනාව, මෙගා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන, Dvia සන්නාමය කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ පාරිභෝගිකයන් දැක් වූ විශ්වාසය හා සහයෝගය වෙනුවෙන්, ඔවුනට උපහාරයක් වශයෙන් සංවිධානය කෙරිණි.  පවුල්වලට සහාය වීම හා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින්, රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක, ස්මාර්ට් දුරකථන, පවුලේ දින සංචාර පැකේජ, විදුලි ඉස්තිරික්ක සහ රීලෝඩ්  ඇතුළු වටිනා ත්‍යාග ‍රැසක් මේ ඔස්සේ පිරිනමනු ලැබිණි. මෙම ත්‍යාග පිරිනැමීම, පවුලටම වාහනයක් වූ TOYOTA WiGO සුපිරි ත්‍යාගය ලබා දීමෙන්  අවසන් විය.
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා මෙසේ පැවසීය.  ‘’Diva හි වසර 20ක ගමන්මග, නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ පාරිභෝගිකයන්ගේ විශ්වාසය මගින් මෙහෙයවනු ලබනවා. Diva පවුලේ වාසනාව වැඩසටහන, මෙම ගමන පුරා අපට සහයෝගය දැක් වූ අපගේ පාරිභෝගිකයන්ට පුදන උපහාරයක්. අප සමග එක් වෙමින් TOYOTA WiGO මෝටර් රථ ත්‍යාගය දිනා ගත් පොළොන්නරුවේ සමන් උදයකුමාර මහතා ඇතුළු දහසකට අධික ජයග්‍රාහකයන්ට මගේ සුබ පැතුම් පිරිනමන අතර, සහභාගී වූ සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඉදිරියටත් Diva වෙතින් වඩාත් ආකර්ෂණීය නවෝත්පාදන අපේක්ෂා කරන ලෙස අපි අපගේ පාරිභෝගිකයන්ට ආරාධනා කරනවා.’’ 
TOYOTA Lanka (Pvt) Ltd. හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා මෙම සහයෝගීත්වය අගයමින්, වටිනාකම හා විශ්වාසය අඛණ්ඩව ලබා දෙන සන්නාම දෙකක් එක් කළ, දිවයින පුරා පැවති මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා Diva සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම අපට සතුටක්. අවසන් සුපිරි ත්‍යාගයේ ජයග්‍රාහකයා වන උදය කුමාර මහතාට මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන අතර, ඔහුගේ නවTOYOTA WiGO රථයෙන් ආරක්ෂිත මෙන්ම සතුටින් පිරි ගමනකට සුභ පතනවා’’ යනුවෙන් අදහස් දැක්වීය. 
 



අදහස් (0)

“DIVA පවුලේ වාසනාව” වැඩසටහනේ TOYOTA WiGO ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site