IMG-LOGO

2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා


DIMO Agribusinesses මහ කන්නයට පෙර SWARAJ පාරිභෝගික සේවාව තවදුරටත් ශක්තිමත් කරයි


ශ්‍රී ලංකාවේ SWARAJ ට්‍රැක්ටර් සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO Agribusinesses සිය සිව්වැනි වසරටත් ක්‍රියාත්මක කළ “SWARAJ පරපුර” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය. “දොරින් දොරට ගෙවදින සබැඳියාව” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ අරමුණ වූයේ එළැඹෙන මහ කන්නය සඳහා ගොවීන් සහ ඔවුන්ගේ SWARAJ ට්‍රැක්ටර් සූදානම් කිරීම මෙන්ම, වඩාත් විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමයි.

ජූලි මාසය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල SWARAJ පාරිභෝගිකයන් ආවරණය කරමින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන හරහා DIMO Agri Machinery හි සේවා කණ්ඩායම් පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙතම ගොස් සේවා සැපයීය. එමගින් ගොවි ප්‍රජාව සමග ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, අවශ්‍ය තාක්ෂණික සහ අලෙවියෙන් පසු සේවා ඔවුන් වෙතම ගෙන ඒමට හැකි විය.

මෙහිදී SWARAJ ට්‍රැක්ටර් නොමිලේ පරීක්ෂා කිරීම, අවශ්‍ය ස්ථානවල සුළු අලු‍ත්වැඩියා සහ සේවා කටයුතු කිරීම මෙන්ම ට්‍රැක්ටරයේ කාර්යක්ෂමතාව, කල්පැවැත්ම සහ විශ්වාසනීයත්වය වැඩිදියුණු කර ගැනීම සඳහා අවශ්‍ය නඩත්තු උපදෙස් ලබාදීම ද සිදු කෙරිණි. මහ කන්නයේ වැදගත් කෘෂිකාර්මික කටයුතු අතරතුර ඇතිවිය හැකි අනපේක්ෂිත බිඳවැටීම් අවම කර ගැනීමට ද අවශ්‍ය උපදෙස් ලබාදීම ද සිදු විය. SWARAJ පාරිභෝගිකයන්ගේ අඛණ්ඩ විශ්වාසයට කෘතඥතාව පළ කරමින් ඔවුන් වෙත ත්‍යාග ද පිරිනැමිණි. එමෙන්ම, SWARAJ හි නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන ලද ජෙනුයින් අමතර කොටස් සහ DIMO Agri Machinery වෙතින් ලබාගත හැකි වැඩිදියුණු කළ අලෙවියෙන් පසු සේවා පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට ද මෙම වැඩසටහන මගින් අවස්ථාව සැලසිණි. ගොවි ප්‍රජාව වෙත තාක්ෂණික දැනුම සහ සේවා සෘජුවම ගෙන යාමෙන් “ SWARAJ පරපුර” වැඩසටහන SWARAJ පාරිභෝගිකයන්ට වඩාත් පහසු සහ විශ්වාසනීය හිමිකාරීත්ව අත්දැකීමක් ලබාදීමට අඛණ්ඩව දායක වේ.

“SWARAJ පරපුර” වැඩසටහන සහ අලෙවියෙන් පසු සේවා තවදුරටත් ශක්තිමත් කිරීමෙන්, විශ්වාසනීය නිෂ්පාදන සහ සේවා ලබාදෙමින්  ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉදිරියට ගෙන යාමටත්, රටේ ගොවි ප්‍රජාවේ ඵලදායීතාව ඉහළ නැංවීමටත් DIMO Agribusinesses අඛණ්ඩව කැපවී සිටියි. 



අදහස් (0)

DIMO Agribusinesses මහ කන්නයට පෙර SWARAJ පාරිභෝගික සේවාව තවදුරටත් ශක්තිමත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site