IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


DFCC හරිත බැඳුම්කරය ඉන්දියා ජාත්‍යන්තර හුවමාරුවේ (IFSC) ලැයිස්තුගත කරයි

භානුක අමරසිංහ

DFCC බැංකුව මගින් කොළඹ කොටස් හුවමාරුව තුළ නිකුත් කර, එහිම ලැයිස්තුගත කළ හරිත බැඳුම්කරය ඉන්දියාවේ ජාත්‍යන්තර මූල්‍ය සේවා මධ්‍යස්ථානයේ පිහිටි ඉන්දියා ජාත්‍යන්තර හුවමාරුවේද (IFSC) ලැයිස්තුගත කළ බව එම බැංකුව පවසයි. පසුගිය සැප්තැම්බර් 26 වැනිදා මෙම ලැයිස්තුගත කිරීම සිදු කර තිබේ. ඒ අනුව එම හුවමාරුව තුළ ලැයිස්තුගත කෙරුණු පළමු විදේශීය සමාගම ලෙසට ද DFCC බැංකුව ඉතිහාසයට එක් වෙයි.

එසේම DFCC බැංකුවේ මෙම හරිත බැඳුම්කරය විදෙස් ලැයිස්තුගත කිරීමක් සිදුකළ තෙවැනි අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි. මීට පෙර එම බැඳුම්කරය ලක්ෂම්බර්ග් කොටස් හුවමාරුවේ (LuxSE) සහ ඉන්දියානු කොටස් හුවමාරුවේ ජාත්‍යන්තර හුවමාරුවේද (NSE IX) ලැයිස්තුගත කෙරිණි. 

DFCC බැංකුව 2004 වසරේදී සිදුකළ මෙම හරිත බැඳුම්කරය, එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ සිදුකළ පළමු හරිත බැඳුම්කර නිකුතුව ලෙසින්ද සැලකෙයි. මෙම නිකුතුව හරහා රැස් කරගත් මුදලේ වටිනාකම රුපියල් බිලියන 2.5 ක් විය. 

 



අදහස් (0)

DFCC හරිත බැඳුම්කරය ඉන්දියා ජාත්‍යන්තර හුවමාරුවේ (IFSC) ලැයිස්තුගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site