IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


DFCC බැංකුවේ රැපියල් බි.10ක GSS+ බැඳුම්කරය විවෘත කිරීම අද

DFCC බැංකුවේ GSS+ (Green, Social, Sustainable) බැඳුම්කරය අද (06) දිනයේදී මිලදී ගැනීම සඳහා විවෘත කිරීමට නියමිතව තිබේ. මෙය බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි ලෙස කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කරන බව බැංකුව පවසයි. 

මෙහිදී මූලික නිකුතුව ලෙස බැඳුම්කර කොටස් මිලියන 70ක් නිකුත් කෙරෙන අතර, ඊට හිමිවන අධිඉල්ලු‍මත් සමගින් තවත් බැඳුම්කර කොටස් මිලියන 30ක් නිකුත් කෙරේ. ඒ අනුව බැඳුම්කර කොටස් මිලියන 100ක් නිකුත් කෙරෙන අතර, එක් බැඳුම්කර කොටසක් රුපියල් 100 බැගින්, මෙම බැඳුම්කරය හරහා බැංකුව රැස් කරගැනීමට සූදානම් වන මුදල රුපියල් බිලියන 10 කි. 

මෙම බැඳුම්කරය Type A, Type B සහ Type C ලෙස කාණ්ඩ කර ඇති අතර, වසර 05කින්, 07කින් සහ 10කින් ඒවා කල් පිරෙන බවත් බැංකුව සඳහන් කරයි. මේ අතරින් Type A සඳහා සියයට11.50 ක, Type B සඳහා සියයට 11.75 ක සහ Type C සඳහා සියයට 12.00ක වාර්ෂික ස්ථාවර පොලියක් හිමි වෙයි. 

රැස් කෙරෙන මුදල් බැංකුව මගින් ලබා දෙන හරිත ව්‍යාපෘති,සමාජයීය සහ තිරසාර ව්‍යාපෘති වෙනුවෙන් අරමුදල් සැපයීමට යොදා ගැනීම සැලසුම වී තිබේ.



අදහස් (0)

DFCC බැංකුවේ රැපියල් බි.10ක GSS+ බැඳුම්කරය විවෘත කිරීම අද

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site