IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


DFCC බැංකුවේ නීල බැඳුම්කරය CSE හි ලැයිස්තුගත කරයි

භානුක අමරසිංහ

DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ පළමුවරට නිකුත් කළ නීල බැඳුම්කරය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීම පසුගියදා සිදු විය. මෙය සංකේතවත් කරමින් DFCC බැංකුවේ සභාපති ජේ. දුරෙයිරත්නම් මහතා විසින් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භ කරන සීනුව නාද කිරීමක්ද සිදු කළේය.

මෙම අවස්ථාව සඳහා DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමාල් පෙරේරා ඇතුළු බැංකුවෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ. 

DFCC බැංකුවේ මෙම නීල බැඳුම්කරය රුපියල් බිලියන 3ක් වටිනාකමක් සහිතය. එය ජ්‍යෙෂ්ඨ, වර්ගකෙරුණු, සුරක්ෂිතනොවූ, පිරිමුදවාගත හැකි තිරසාර බැඳුම්කරයක් ලෙස නිකුත් කෙරිණු අතර ඊට අධිදායකත්වයක් හිමිවිය. මෙම නීල බැඳුම්කරය හරහා රැස් කරගන්නා මුදල් සාගරය මූලික කරගත් තිරසාර මූල්‍ය සේවා සැපයුම් වෙනුවෙන් යොදා ගැනීම බැංකුවේ අරමුණ වී තිබේ.



අදහස් (0)

DFCC බැංකුවේ නීල බැඳුම්කරය CSE හි ලැයිස්තුගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site