IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි

භානුක අමරසිංහ


DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු කරමින් එහි විශාලතම ආයෝජකයා බවට පත් වූ බව පවසයි. 
මෙම නිකුතුවෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියනයක් වූ අතර, මෙම ආයෝජනය ඉන් හරි අඩක් බවත් බැංකුව සදහන් කරයි. මෙම හරිත බැඳුම්කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති අතර ඉන් ලැබෙන මුදල් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කිරීම සැලසුම වී තිබේ. එමගින් රටේ බලශක්ති ජනනය වඩාත් තිරසාර හා ස්ථාවර කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂාවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නිමල් පෙරේරා මහතා, AFCහරිත බැඳුම්කරවල ආයෝජනය කිරීම යනු ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා යන ගමන වේගවත් කිරීම සඳහා අප දරන උත්සාහයේ තවත් එක් පියවරක්. යනුවෙන් පවසා සිටියේය.
මේ අතර DFCC බැංකුව මීට පෙර නිකුත් කළ හරිත බැඳුම්කර මේ වනවිට  Luxembourg Stock Exchange (LuxSE) හි ලැයිස්තුගත කර ඇති අතර,  Luxemboug Green Exchange (LGX)  හි ප්‍රදර්ශනය කර තිබේ.



අදහස් (0)

DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site