විමුක්ති එස් රුද්‍රිගු
![]() |
| ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමල් තෙවරතන්ත්‍රි සහ DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා |
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මෙරට පවත්වාගෙන ගිය පාරිභෝගික බැංකු කටයුතු මුළුමනින්ම පවරා ගැනීම සඳහා අවශ්‍ය නියමයන් සහ කොන්දේසි තීරණය කෙරන නීත්‍යානුකූල ගිවිසුමකට එක්සත් රාජධානියේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව සමග එළැඹි බව ඩී.එෆ්.සී.සී බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේය.
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ මෙරට ශාඛාව හරහා එම ගිවිසුමට එළැඹි බව ඩී.එෆ්.සී.සී බැංකුව පැවැසුවේය. යෝජිත පවරා ගැනීම මගින් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මෙරට පවත්වාගෙන ගිය පාරිභෝගික බැංකු කටයුතු මුළුමනින්ම ඩී.එෆ්.සී.සී බැංකුව පවරා ගනු ඇතැයි එම බැංකුව ප්‍රකාශ කළේය. මෙම පවරා ගැනීමේ වටිනාකම රුපියල් බිලියන 3.7 ක් බවද ඩී.එෆ්.සී.සී බැංකුව පැවැසුවේය.
පවරා ගැනීම යටතේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රමුඛතා බැංකුකරණ කටයුතු, ණය කාඩ්පත්, තනි පුද්ගලයන් සඳහා ලබාදෙන ණය, තැන්පතු සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදෙන ණය ඩී.එෆ්.සී.සී බැංකුව වෙත පවරාගනු ලබනු ඇතැයි එම බැංකුව ප්‍රකාශ කළේය. එසේම ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට ඩී.එෆ්.සී.සී බැංකුව කටයුතු කරනු ඇති බවත් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ කාර්ය මණ්ඩලයට ඩී.එෆ්.සී.සී බැංකුව තුළ වර්ධනය වීමට එමගින් අවස්ථාවක් හිමිවනු ඇති බවත් එම බැංකුව පැවැසුවේය.
පවරා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබුණු පසු ලබන වසර මුලදී ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මෙරට පවත්වාගෙන ගිය පාරිභෝගික බැංකු කටයුතු පවරා ගැනීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඩී.එෆ්.සී.සී බැංකුව ප්‍රකාශ කළේය.
DFCC බැංකුව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ පාරිභෝගික බැංකු කටයුතු රු.බි. 3.7 කට පවරා ගනී