IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


DFCC බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස ඇගයීමට ලක් වෙයි

Great Place to Work ආයතනය විසින් ඉහළ විශ්වාසයක් හා ඉහළ කාර්යක්ෂමතාවක් පවත්වන සේවා ස්ථාන සංස්කෘතීන් ගොඩනගන ආයතන සඳහා පිරිනැමෙන ගෝලීය ඇගයීමක් වනGreat Place to Work සහතිකයෙන්, DFCC බැංකුව නිල වශයෙන් සහතික කරන ලදී.
DFCC බැංකුවේ සේවකයන් අතරින් කළ ස්වාධීන සමීක්ෂණයකින් අනතුරුව එහි ප්‍රතිඵල මත බැංකුව මෙම විශිෂ්ටත්වයට සුදුසුකම් ලැබීය. DFCC බැංකුව සේවකයන් සවිබලගන්වන සහ සහයෝගීතාව වර්ධනය කෙරෙන සේවා ස්ථානයක් වශයෙන් විශිෂ්ටත්වය සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතින් සපුරාලන බව එයින් තහවුරු විය.
මානව සම්පත් කළමණාකාර - ජ්‍යෙෂ්ඨ උප සභාපති, පදුම සුභසිංහ මහතා මෙසේ පැවසීය. ”‍අපගේ සාර්ථකත්වයේ ආරම්භය වන්නේ අපගේ සේවක පිරිසයි. මෙම ඇගයීම දෛනිකව ඔවුන්ගේ විශ්වාසය, ශක්තිය සහ සහයෝගීතාව පිළිබිඹු කරනවා. අප අනුගමනය කරන අපගේ වටිනාකම් වන උද්‍යෝගය, අව්‍යාජත්වය, ධෛර්යය, සහයෝගීතාව සහ විශිෂ්ටත්වය මගින් සෑම සේවකයකුටම තම දියුණුව උදෙසා අවශ්‍ය සහයෝගය සහිත සවිබල ගැන්වීමක් ලබාදෙන සේවා ස්ථානයක් ගොඩනැගීමට අප ඇපකැප වී සිටිනවා. DFCC බැංකුව වන අප, ලංකාවේ ගනුදෙනු කිරීමට පහසුම සහ වඩාත් ගනුදෙනුකාර - කේන්ද්‍රීයතම බැංකුව වීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන බැවින් එය ආරම්භ විය යුත්තේ ම අපගේ සේවකයන්ගෙන් ය. සැබවින්ම අපගේ ගනුදෙනුකාරභවතුන් වෙත විශිෂ්ට සේවාවක් ලබා දිය හැකි වන්නේ සේවකයන් බලගැන්වූ විට පමණකි.”‍ 
වසර 70ක් ඉක්මවූ පුරෝගාමී ගමන් මගක් සහිත ලංකාවේ ගෞරවනීය මූල්‍ය ආයතනයක් ලෙසDFCC බැංකුව, සිය ප්‍රගතියේ කේන්ද්‍රස්ථානය වශයෙන් සලකන්නේ සේවකයන්ය. වෘත්තීය සංවර්ධන අවස්ථාවල සිට සේවක සුබසාධක ප්‍රවර්ධන වැඩසටහන් දක්වා, බැංකුව සිය සේවක සේවිකාවන්ට වටිනාකමක් දැනෙන, දියුණුවට පොළඹවන සේවා පරිසරයක් නිර්මාණය කිරීමට කැප වී සිටියි.



අදහස් (0)

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස ඇගයීමට ලක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site