IMG-LOGO

2026 මාර්තු මස 29 වන ඉරිදා


DFCC බැංකුවේ නීල බැඳුම්කරයට ෆිච් වෙතින් A ශ්‍රේණිගත කිරීමක්


භානුක අමරසිංහ 


DFCC බැංකුව මගින් සිදු කිරීමට යෝජිත රු. බිලියන 3ක් වටිනා නීල බැඳුම්කරයටA (lka) අවසන් ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබාදෙන බව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි.

මෙම අවසන් ශ්‍රේණිගත කිරීම එම ආයතනය මගින් අදාළ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 12 වැනිදා ලබාදුන් අපේක්ෂිත ශ්‍රේණිගත කිරීමම බවත් සඳහන් වෙයි. එසේම මෙය ෆිච් ආයතනය මගින් DFCC බැංකුව වෙත ලබාදී ඇති ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම හා සමාන වෙයි. 

රුපියල් වටිනාකමින් සිදු කරන මෙම බැඳුම්කර නිකුතුව ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ ලැයිස්තුගත නීල බැඳුම්කරයක් ලෙස නම් කෙරී තිබේ. ඒ අනුව මෙම බැඳුම්කරය ශ්‍රී ලංකාව තුළ ලැයිස්තුගත කෙරෙන පළමු නීල බැඳුම්කර නිකුතුව ලෙසින්ද සැලකෙයි. මෙය වසර තුනකින්, හතරකින් හෝ පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන්නකි. 



අදහස් (0)

DFCC බැංකුවේ නීල බැඳුම්කරයට ෆිච් වෙතින් A ශ්‍රේණිගත කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site