DFCC බැංකුවල 2025 වසරේ තෙවැනි කාර්තවේදී සිය ඉහළ වර්ධන ගම්‍යතාව අඛණ්ඩව පවත්වා ගනිමින්ල ස්ථාවර ශේෂ පත්‍ර වර්ධනය, උපායමාර්ගික ණය දීම් සහ විනයානුකූල මෙහෙයුම් කළමනාකරණය මත පදනම් වූ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මාලාවක් වාර්තා කර ඇත.
සමූහය රුපියල් බිලියන 8.5 ක මූලික බදු පසු ලාබයක් වාර්තා කළ අතර සමූහයේ වත්කම් සියයට 20 කින් වර්ධනය වී රුපියල් බිලියන 853 ක් ලෙස සටහන් විය. බැංකුවේ ශක්තිමත් මූල්‍ය තත්වය මැනවින් පිළිබිඹු කරමින්. මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සියයට 14.28 ක් ලෙස වාර්තා විය.
බැංකු මට්ටමින් DFCC බැංකුව රුපියල් බිලියන 13.3 ක බදු පසු ලාබයක් වාර්තා කළ අතර, Acuity Partners (Pvt) Ltd හි සියයට 50 ක හිමිකාරිත්වය උපායමාර්ගිකව අලෙවි කර දැමීමෙන් ලැබූ එක් වරක් සඳහා වූ ලාබයක් ද ඊට ඇතුළත් විය. මෙම ලාබදායීතාවල ණය සම්භාරයේ සියයට 26 ක වර්ධනයක් සහ තැන්පතුවල සියයට 22 ක වර්ධනයක් මගින් තවදුරටත් ශක්තිමත් විය. විනයානුකූල ණය ව්‍යාප්තිය සහ අරමුදල් ප්‍රශස්තකරණය මගින් මූලික ලාබදායීතාව ද ඉහළ මට්ටමක පැවතිණි. විනයානුකූල ණය දීම් සහ ශක්තිමත් වූ CASA (ඉතුරුම් සහ ජංගම ගිණුම්) පදනම හේතුවෙන් ශුද්ධ පොලී ආදායම සියයට 11 කින් ඉහළ ගිය අතර එය බැංකුවේ මූලික මෙහෙයුම්වල අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරයි. තෙවැනි කාර්තුවේ දී තවත් ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකාවේ ප්‍රථම නීල බැඳුම්කරය (Blue Bond) නිකුත් කිරීම ද සිදු විය. මෙය සාගර පරිසරයට හිතකාමී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) සහ දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමේ ප්‍රයත්නය සඳහා සහාය වන රුපියල් බිලියන 3 ක මූලාරම්භයකි. මෙමගින් තිරසාර මූල්‍යකරණය තුළ DFCC බැංකුවේ නායකත්වය තවදුරටත් තහවුරු විය. මීට අමතරව, බැංකුව සිය 70 වැනි සංවත්සරය සමරමින් මෙම කාර්තුව තුළ විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රම ද හඳුන්වා දෙන ලදී.
මෙම කාල සීමාව තුළ DFCC බැංකුව ලැබූ ජයග්‍රහණල සම්මාන රැසකින් තවදුරටත් ඔප් නැංවිණි ‘Great Place to Work’ (සේවය කිරීමට වඩාත් සුදුසුම ස්ථානයක්) ලෙස සහතික කිරීම AICPA සහ CIMA ‘Top 20 Employers’(ප්‍රමුඛතම සේවා යෝජකයන් 20) ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානයට පත්වීම, ICC ‘Emerging Asia Banking Awards’ හිදී ‘MSME වර්ධනය සඳහා වන හොඳම බැංකුව. සම්මානය දිනා ගැනීම, සහ ‘Brand Finance’ මගින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 30 අතරට එක්වීම ඒ අතරට ඇතුළත් වේ.
තෙවැනි කාර්තුව තුළ අත්කරගත් මෙම සුවිශේෂී වර්ධනය සම්බන්ධයෙන් DFCC බැංකුවේ අධ්‍යක්ෂරු ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ අදහස් පළ කළේය. අපගේ තුන්වැනි කාර්තුවේ ප්‍රතිඵල බැංකුවේ ප්‍රධාන ලාබදායීතාවේ ශක්තිය සහ අපේ සැලසුම් විධිමත්ව ක්‍රියාවට නංවන ආකාරය හොඳින් පෙන්වා දෙනවා. ශක්තිමත් ණය සහ තැන්පතු වර්ධනයෙන් ලැබුණු ශක්තිමත්භාවයත් සමග, ආයෝජන විකිණීමෙන් ලැබුණු ලාබයත් එකතුව, බැංකු මට්ටමින් රුපියල් බිලියන 13.3 ක ලාබයක් වාර්තා කිරීමට හැකිවිය.
DFCC බැංකුව තෙවැනි කාර්තුවේදී සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි