IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


DFCC බැංකුවට 2025 පළමු අර්ධයේ ශක්තිමත් වර්ධනයක්

  • බදු පසු ලාබය රුපියල් බිලියන 5.5 ක්
  • සමස්ත ණය ලබාදීම්වල මුළු එකතුවේ සියයට 19 ක වර්ධනයක්

DFCC බැංකුව 2025 වසරේ පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත. DFCC බැංකුව බදු පසු ලාබය ලෙස රුපියල් බිලියන 5.5 ක මුදලක් වාර්තා කළ අතර සමස්ත ණය ලබාදීම්වල මුළු එකතුවේ සියයට 19 ක වර්ධනයක් හේතුවෙන්, බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 787 දක්වා සියයට 12 කින් වර්ධනය වී තිබේ. ශුද්ධ පොලී ආදායම සියයට 11කින් ඉහළ ගිය අතර, අඩු පොලී අනුපාතයක් පැවති පසුබිමක වුවද විනයානුකූල ණය දීමේ සහ අරමුදල් සම්පාදනය කිරීමේ උපායමාර්ග හරහා පොලී ආදායමේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කර තිබේ. DFCC බැංකුවට අනුබද්ධිත ආයතනයක් වන Acuity Partners හි කොටස් විකිණීමෙන් ලද ලාබය ද ඇතුළත්ව, බදු පසු ලාබය රුපියල් බිලියන 10.5 ක් විය.
සමූහයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සියයට 15.004ක් ලෙසත්, ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR) සියයට 187.47ක් සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (NSFR) සියයට 112.81ක් ලෙස වාර්තා විය. මෙම අනුපාත නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පවතී. අදියර 3 හි අඩමාන ණය අනුපාතය සියයට 4.62 දක්වා වැඩිදියුණුවිය. මේ තුළින්, ශක්තිමත් අයකරගැනීම් ක්‍රමවේදය හා ණය අංශයේ ගුණාත්මකභාවය පිළිබිඹූ කරයි.

 



අදහස් (0)

DFCC බැංකුවට 2025 පළමු අර්ධයේ ශක්තිමත් වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site