ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වනDFCC බැංකුව ඩිජිටල්කරණයේ නව අදියරක් වෙත පියනගමින්, තම විශ්වසනීයData Center සැපයුම්කරු ලෙස OrionStellar ආයතනය තෝරාගෙන තිබේ.
මෙම ව්‍යාපාරික සබැඳියාව හරහා OrionStellarතම තාක්ෂණ විශ්වසනීයත්වයේ තත්ව සහතික හා ආරක්ෂණ ක්‍රමවේද උපයෝගී කොට DFCC බැංකුවට මූල්‍ය ක්ෂේත්‍රයේ උසස් නියාමන ප්‍රමිතීන්ට අනුකූලව ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත ඩිජිටල් බැංකුකරණ පහසුකම් සැපයීමට සහාය වනු ඇත.
තිරසාරභාවය හා ඩිජිටල් පරිවර්තනය පිළිබඳ DFCC බැංකුවේ අඛණ්ඩ නව්‍යත්වය මේ සබැඳියාවෙන් සනිටුහන් වන අතර, OrionStellar Data Center හි ඉහළ විදුලි කාර්යක්ෂමතාව බැංකුවේ දීර්ඝ කාලීන පරිසර හිතකාමී සහ පාරිසරික වගකීම් සුරැකීමේ ක්‍රියාදාමයට ද මැනවින් අනුකූල වේ.
ආයතනයක් තුළData Center එකක් පවත්වාගෙන යාම විශේෂ පිරිවැයක් සහ මෙහෙයුම් සංකීර්ණතා දරමින් කළමනාකරණය කළ යුතු ක්‍රියාවලියකි. OrionStellar Data Center සමඟ ඇති කරගත් ව්‍යාපාරික සබඳතාව හරහා DFCC බැංකුවට මෙවැනි සංකීර්ණතා රහිතවම, අඛණ්ඩව පැය 24 පුරා තාක්ෂණ සහයෝගය සැපයෙන, සම්පූර්ණයෙන්ම කළමනාකරණය වන ගෝලීය මට්ටමෙ Data Center පහසුකම් හිමිවන අතර අභියෝගයකින් තොර විශිෂ්ට බැංකු සේවාවක් සැපයීමට අනුබල ලැබේ. OrionStellar Data Center කොළඹ නගර සීමාව තුළ පිහිටා තිබීම, ළඟාවීමේ පහසුව හා එහි අඛණ්ඩ සේවා විශ්වාසනීයත්වයට තවත් පිටුවහලක් වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින්DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන තොරතුරු නිලධාරී වින්ද්‍ය සෝලංගආරච්චි මහතා මෙසේ පැවසුවේය. DFCC බැංකුව ශ්‍රී ලංකාවේ උසස්ම පාරිභෝගික කේන්ද්‍රගත බැංකුව ලෙස තම ස්ථාවරත්වය සවිමත් කරන අතරම ආරක්‍ෂාව, කාර්යක්ෂමතාව සහ තිරසාරභාවය ඉහළ නංවන නව්‍යකරණයට හැමවිටම ප්‍රමුඛත්වය දෙනවා. එබැවින්, OrionStellar වෙතින් සුරක්ෂිත, තිරසාරසම්පන්න කාර්යක්ෂම සහ සේවය කේන්ද්‍ර කොටගත් පූර්ණ සහාය DFCC බැංකුවේ විශිෂ්ට ඩිජිටල් බැංකුකරණය පාරිභෝගිකයන්ට සැපයීමේ මෙහෙයට ලැබෙනවා.
OrionStellar සමග ඇති කරගත් මේ සහයෝගීතාව DFCC බැංකුවේ ඩිජිටල් පරිණාමයේ තවත් පියවරක් සටහන් කරන අතරම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල ව්‍යුහයේ ප්‍රගමනයේද ලකුණක් වේ. Orion City IT Park දැක්මෙහි දිගුවක් වන OrionStellar ආයතනය, නවීනData Center සේවා සැපයීමේ විශිෂ්ට හා නව්‍ය ශ්‍රී ලාංකේය පෙරගමන්කරුවකු ලෙසDFCC බැංකුව වැනි ව්‍යාපාර සහ සේවාදායකයන්ට අඛණ්ඩ, මිත්‍රශීලී සහාය ලබාදෙයි.
DFCCබැංකුවේ විශ්වසනීය Data Center සැපයුම්කරු OrionStellar