IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාව NÜWA වසරක විශිෂ්ටත්වය සමරයි


කොළඹ නගරය දකුණු ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් City of Dreams Sri Lanka මෙරට ආරම්භ කළ සියලු‍ පහසුකම්වලින් යුත් ප්‍රථම හෝටල් සංකීර්ණය ලෙස ඉතිහාසයට එක්ව හමාරය. එහි සුඛෝපභෝගී හෝටල් සේවාව ලෙස මීට වසරකට පෙර හඳුන්වා දෙනු ලැබූ NÜWA නවමු සංචාරක අත්දැකීමක් උරුම කරදීමට සමත් වූයේ කොළඹ නගරයේ හා ඉන්දියන් සාගරයේ අලංකාරත්වය රිසි සේ විඳගැනීමේ අවස්ථාවද උදා කර දෙමිනි.

City of Dreams Sri Lanka  හි සුවිශේෂී කොටසක් වූ NÜWA නිරන්තරයෙන් අමුත්තන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා රිසි සේ සපුරාදීමටත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් උසස් තත්වයේ අසමසම සේවාවක් ලබා දීමටත් කටයුතු කර ඇත්තේ අහස උසට විහිදුණු හෝටල් අවකාශයක අත්දැකීමද ලබා දෙමිනි. 

ගතවූ වසරක කාලය තුළ මෙරට හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණ රැසකට හිමිකම් කීමට NÜWA සමත්ව ඇත්තේ එම අසමසම සේවාව නිසාය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය  (SLTDA) වෙතින් පිළිගත් තරු පහේ නිල වර්ගීකරණය ලබා ගැනීමට හැකිවීම ගෙවුණු වසරේ ඉතා වැදගත් සිදුවීමක් විය. ජාත්‍යන්තර මට්ටමේ ඉහළම සුඛෝපභෝගී ප්‍රමිති ලබාදීමට හෝටලය සතු කැපවීම මෙන්ම, ලොව පුරා සිටින ඉහළ පෙළේ සංචාරකයන්ගේ ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් NÜWA හෝටලය දක්වන දායකත්වය මේ තුළින් ඇගයීමට ලක්කර ඇත. 

එමෙන්ම  Travel + Leisure වැනි ලොව ප්‍රමුඛ පෙළේ සංචාරක සඟරාවල පිළිගැනීමට ලක්ව ඇති NÜWA ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්‍රය හැඩගස්වන නවතම පරපුරේ හෝටල් අත්දැකීමක් ලෙසද ජාත්‍යන්තරය තුළ හඳුනාගෙන ඇත. ගතවූ වසර පුරාම ලොව පිළිගත් ජාත්‍යන්තර සංචාරකයන්, ව්‍යාපාරික නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ලොව ප්‍රකටතරු සහ සුඛෝපභෝගී අත්දැකීම් සොයන්නන් විශාල පිරිසක් වෙත සිය සුඛෝපභෝගී සේවා ලබා දීමට කටයුතු කළ NÜWA, කොළඹ නගරය ජාත්‍යන්තර තත්වයේ සේවා සැපයිය හැකි ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස පෙන්වා දී ඇත. 

NÜWA, හි සුවිශේෂත්වය වන්නේ සෑම අමුත්තෙකුටම පුද්ගලිකවම ගැළපෙන පරිදි ලබාදෙන ආගන්තුක සත්කාරයයි. ඒ වෙනුවෙන්ම වෙන්වූ බට්ලර් සේවාව, අමුත්තන්ගේ රුචිකත්වය අනුව සකසන ලද විශේෂ සංචාරක සැලසුම්, තෝරාගත් විශේෂ ආහාර අත්දැකීම් සහ ශාරීරික සුවතාව උදෙසා වන විශේෂිත වැඩසටහන් මෙහි ඇතුළත් වේ. 

NÜWA, හෝටලයේ අනන්‍යතාව ගොඩනැගී ඇත්තේ හුදෙක් ජාත්‍යන්තර ප්‍රමිති මත පමණක් නොවේ. දේශීය සංස්කෘතියෙන් ආභාෂය ලැබූ අලංකරණයන්, ආහාර කලාව හරහා කියැවෙන දේශීය අනන්‍යතාව සහ මෙරට කලාකරුවන් හා නිර්මාණකරුවන් සමඟ එක්ව සිදුකරන වැඩසටහන් හරහා ශ්‍රී ලාංකිකත්වය මනාව පිළිබිඹු කිරීමට NÜWA, සමත්ව සිටියි. 

City of Dreams Sri Lanka  හි ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වන NÜWA, ඉහළම මට්ටමේ නවාතැන්, විශිෂ්ට ආහාර පාන, සුඛෝපභෝගී සාප්පු සවාරි, විනෝදාස්වාදය, සුවතා සේවා, උත්සව අවස්ථා සහ මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා අත්දැකීම් එකම වහලක් යටට ගෙන එන ඒකාබද්ධ සුඛෝපභෝගී ගමනාන්තයකි.

NÜWA හි වසරක සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් City of Dreams Sri Lanka  හි උප සභාපති සහ සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා මෙසේ පැවසීය. “NÜWA හි සාර්ථකත්වය සනිටුහන් කළ පළමු වසර, ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ආගන්තුක සත්කාරයේ නව්‍ය බලාපොරොත්තුවක් යථාර්ථයක් බවට පත් වූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි. අපගේ මුල්ම අමුත්තන් පිළිගත් මොහොතේ සිටම ඒ ඒ අමුත්තන්ට ගැළපෙන සහ මතකයේ රැඳෙන අත්දැකීම් ඔවුන් වෙත සමීප කිරීමට අපි සෑම විටම පියවර ගත්තා. අපට Five -Star වර්ගීකරණය හිමිවීම සහ ජාත්‍යන්තර සංචාරක ප්‍රජාවගේ ඇගයීමට ලක්වීම ඉතා වැදගත් සන්ධිස්ථානයක්.”



අදහස් (0)

City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාව NÜWA වසරක විශිෂ්ටත්වය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site