

දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් ලෙස 2025 වසරේදී උත්සවාකාරයෙන් කොළඹදී ආරම්භ කරනු ලැබූ City of Dreams Sri Lanka මෙරට සංචාරක ආකර්ෂණයේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් පසුගියදා එහි පළමු වසර සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ දැවැන්තම පුද්ගලික අංශයේ ආයෝජනය වන මෙය මේ ආකාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ හෝටල් සංකීර්ණයද විය. ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයකට මුල පුරමින් ඇරඹි City of Dreams Sri Lanka වසරක ගමන සනිටුහන් කරනු ලබන්නේ සුවිශේෂී ජයග්‍රහණ රැසක්ද තමන් සතු කර ගනිමිනි.
ආරම්භයේ සිටම සුඛෝපභෝගී ආගන්තුක සත්කාරය, උසස් තත්වයේ ප්‍රණීත ආහාර පාන, විනෝදාස්වාදය, උසස් ජීවන රටා අත්දැකීම්, වෙළෙඳසල් මෙන්ම ව්‍යාපාරික සමුළු හා ප්‍රදර්ශන (MICE) පහසුකම් සියල්ල එකම වහලක් යටදී අත්විඳීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙත උදා කර දීමට සමත්ව සිටියි. ඒ නිසාම දේශීය මෙන්ම ජාත්‍යන්තර සංචාරකයන් වෙනුවෙන් නවතම අත්දැකීමක් ගෙන ඒමට ඊට හැකි වී තිබේ.
වසරක විශිෂ්ට ගමන පිළිබඳව අදහස් දක්වමින් City of Dreams Sri Lanka හි උප සභාපති සහ සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා මෙසේ පවසා සිටියේය. “අපගේ කණ්ඩායමේ කැපවීම, අමුත්තන් අප කෙරෙහි තැබූ විශ්වාසය සහ අපගේ හවුල්කරුවන්ගේ සහයෝගයෙන් සැබෑ කර ගැනීමට හැකි වූ විශිෂ්ට සැමරුමක් ලෙස අපගේ මෙම පළමු වසර සංවත්සරය පෙන්වා දිය හැකියි. විනෝදාස්වාදය සහ ආගන්තුක සත්කාරය ප්‍රමුඛ කොට ගත් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ විශිෂ්ටත්වයට පත් කිරීම උදෙසා අප ලබාදෙන දායකත්වය පිළිබඳව ඉතාමත් සතුටුයි. වසරක සැමරුම සනිටුහන් කරන මේ මොහොතේ අපගේ අමුත්තන් වෙනුවෙන් නවතම අත්දැකීම්, ජාත්‍යන්තර මට්ටමේ උත්සව සහ නවෝත්පාදන තව දුරටත් හඳුන්වා දෙමින් ශක්තිමත්ව ඉදිරියටම යාමට අප කැපවී කටයුතු කරනවා.”
වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ජාත්‍යන්තර තත්වයේ විවිධ උත්සව අවස්ථා, සුවිශේෂී ආහාර පාන අත්දැකීම් මෙන්ම විශිෂ්ට සංචාරක සේවා සමගීන් විනෝදාස්වාදය හා නවීන අත්දැකීම් රැසක් අමුත්තන් වෙත ගෙන ඒමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. එම සේවා පරිපූර්ණ අයුරින් ඉටු කිරීම සඳහා සුඛෝපභෝගී හෝටල් දෙකක්, පුළුල් පරාසයක විහිදුණු භෝජනාගාර, විනෝදාස්වාද මධ්‍යස්ථාන, අති නවීන උත්සව ශාලා පහසුකම්වලින් සපිරි City of Dreams Sri Lanka කොළඹ නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම සංචාරක නවාතැනක් බවට පත් කිරීමට සමත්ව සිටියි.
සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ දායකත්වයක් ලබා දෙන City of Dreams Sri Lanka මෙම දැවැන්ත ව්‍යාපෘතිය හරහා ආගන්තුක සත්කාර, විනෝදාස්වාද, උත්සව සංවිධාන, සාප්පු සවාරි සහ ඒ ආශ්‍රිත අනෙකුත් අංශවල විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් දායාද කිරීමටද සමත්ව සිටියි. විදේශීය ආයෝජන හා ජාත්‍යන්තර ආකර්ෂණය දිනා ගැනීමේ සුවිශේෂී අවස්ථාවක් වූ මෙය මෙරට ව්‍යාපාරික සංචාරක ක්ෂේත්‍රයේ, වර්ධනයට විශාල ශක්තියක් වනු ඇත.
City of Dreams Sri Lanka සම්මානනීය වසරක මෙහෙයුම සනිටුහන් කරයි