IMG-LOGO

2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා


City of Dreams Sri Lanka NÜWA 2026 SATA සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

City of Dreams Sri Lanka  හි සුඛෝපභෝගී හෝටල් සේවාව වන NÜWA  at City of Dreams Sri Lanka  පසුගියදා නිමාව දුටු 2026 SATA  සම්මාන උළෙලේදී South Asia’s Leading Designer Hotel ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී. මේ සමඟ සිය පළමු මෙහෙයුම් වර්ෂයේදීම ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමේ අවස්ථාව හිමිකරගත් NÜWA   තමන්ටම අනන්‍ය වූ නවීන සුඛෝපභෝගීත්වය, ඉතා සියුම් ලෙස සැලසුම් කරන ලද නිමාව සහ පාරිභෝගිකයාටම සරිලන පරිදි සැපයෙන සුවිශේෂී ආගන්තුක සත්කාරය හේතුවෙන් මෙම විශේෂ සම්මානයෙන් පිදුම් ලබන ලදී.
NÜWA  වෙත මෙන්ම දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිකේතනය වන City of Dreams Sri Lanka වෙතද හිමිවූ ලැබුණු සුවිශේෂී පිළිගැනීමක් ලෙසද මෙම සම්මානය වැදගත් වේ. ඊට හේතුව වන්නේ මෙම සංචාරක ගමනාන්තය හරහා ජාත්‍යන්තර සංචාරකයන්ගේ ආකර්ෂණීය කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ නගරය ලෝකය ඉදිරියේ ස්ථාපිත කිරීමට මෙය විශාල දායකත්වයක් සැපයීමට සමත්ව තිබීමයි. 
2026 වසරේදී තම 10 වැනි සංවත්සරය සමරන SATA  සම්මාන උළෙල කලාපයේ සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන ප්‍රමුඛතම සම්මාන උළෙලක් ලෙස සඳහන් කළ හැකිය. දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් සන්නාම සහ වෘත්තිකයන් එකම වහලක් යටට කැඳවන මෙම සම්මාන උළෙල මගින් එම හෝටල් හි සේවාව, නවෝත්පාදනය, පාරිභෝගික අත්දැකීම සහ ක්ෂේත්‍රයේ නායකත්වය වැනි සාධකයන් පිළිගැනීමට ලක් කරනු ලබයි. මෙම ඇගයීම තුලින් හෝටල්වලට තම සේවාවන් කලාපයේ අනෙකුත් තරඟකරුවන් සමග සංසන්දනය කර බැලීමටත් සංචාරකයන් සහ ව්‍යාපාරිකයන් අතර තමන්ට ඇති පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් අවස්ථාව උදා වේ.
ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ NÜWA   සතු සුවිශේෂී අනන්‍යතාව මෙම සම්මානයෙන් මැනවින් පිළිඹිබු වේ. එමෙන්ම ඉතා සියුම් ලෙස සැලසුම් කරන ලද වාස්තු විද්‍යාත්මක නිමාව, අතිවිශිෂ්ට ආගන්තුක සත්කාරය සහ උසස් සේවා හරහා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබා දීමට ඔවුන් සතු කැපවීම මින් මැනවින් ඔප්පු වේ.
NÜWA  ආරම්භ කළ මුල්ම වසරේදී මිවිශිෂ්ටතම සැලසුම්කරණ හෝටලය’ කාණ්ඩයේ රන් සම්මානය දිනා ගැනීම ඉතා කැපී පෙනෙන ජයග්‍රහණයකි.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ City of Dreams Sri Lanka  හි උප සභාපති සහ ආයතන සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා සඳහන් කර සිටියේ “අපගේ පළමු මෙහෙයුම් වර්ෂයේදීම දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී රන් සම්මානයක් දිනා ගැනීමට ලැබීම NÜWA මෙන්ම City of Dreams Sri Lanka  කණ්ඩායම ලද  සුවිසල් ගෞරවයක් ලෙස සඳහන් කළ හැකියි.  මෙම ඇගයීම හරහා, ඉතා ආකර්ෂණීය ගෘහ නිර්මාණ සැලසුම් සමඟින් පාරිභෝගිකයාට ගැළපෙන සුවිශේෂී සේවාව සහ සැබෑ ආගන්තුක සත්කාරය සමගින් නවීන සුඛෝපභෝගීත්වයේ සුවිශේෂී අත්දැකීමක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අපගේ අරමුණ මනාව තහවුරු වෙනවා. අප කලාපීය සංචාරක ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙමින් ඉදිරියට යන විට, පැමිණෙන අමුත්තන් වෙත ආකර්ෂණීය අත්දැකීම් හිමිකර දීමටත් ජාතන්තර තත්වයේ සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ලබාගෙන ඇති කීර්තිනාමය තවදුරටත් ඉහළ නැංවීමට දායක වීමටත් අප නිරන්තරයෙන් කැපවී සිටිනවා” යනුවෙනි. 



අදහස් (0)

City of Dreams Sri Lanka NÜWA 2026 SATA සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site