
බැංකොක්හි වඩාත් ප්‍රසිද්ධ Soho Hospitality හට අයත් Charcoal Tandoor Fire Grill භෝජන අත්දැකීම පසුගියදා කොළඹ දී විවෘත වූයේ නවතම අත්දැකීමක් ශ්‍රී ලාංකිකයන් වෙත හිමිකර දෙමිනි. කොළඹ යුනියන් පෙදෙසේ හි Capitol Twin Peaks හි 50 වැනි මහලේදී ආරම්භ වූ මෙම සුවිශේෂී භෝජන අත්දැකීමෙහි අරමුණ වන්නේ උසස් තත්වයේ ආහාර අත්දැකීමක් ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දීමයි.
භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් සහ මෙවන් ගුණතිලක යන මහත්වරුන්ගේ සම සබඳතාව සහිත ව්‍යාපාරයක් ලෙස පසුගිය 23 වන දින විවෘත කරනු ලැබූ මෙම භෝජන අත්දැකීම් අඩි 600කට වඩා ඉහළ සිට කොළඹ නගරයේ සුන්දරත්වය දැක්බලා ගනිමින් අත්විඳීමේ අවස්ථාවද මේ සමග ශ්‍රී ලාංකිකයන්ට හිමි වේ.
හුදෙක් ආහාරමය අත්දැකීමක් පමණක් නොව විනෝදාස්වාදය කැටිකරගත් අපූරු අත්දැකීමක් වන Charcoal Tandoor Fire Grill අලංකාර අභ්‍යන්තර සැලසුම්, ආලෝකකරණය, සංගීතය සහ Open Tandoor Kitchen සමගින් ආහාර රසයට අමතරව සුන්දරත්වය විඳගැනීමේ අවස්ථාවද උදා කර දී තිබීම විශේෂත්වයකි.
Charcoal Tandoor Fire Grill විවෘත කළ සමාරම්භක රාත්‍රිය කොළඹ ව්‍යාපාරික ප්‍රජාව, සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. එහිදී විශේෂයෙන් Charcoal Tandoor Fire Grill භෝජන අත්දැකීමට අනන්‍ය වූ අංග රැසක් දැකබලා ගනිමින්, ඉමිහිරි සංගීතය සමගින් කොළඹ නගරයේ සුන්දරත්වය මනාව අත්විඳීමට ඔවුන්ට හැකි විය.
2014 වසරේ බැංකොක්හිදී ආරම්භ කරන ලද Charcoal සුවිශේෂී ඉන්දියානු ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර පාරිභෝගික අවශ්‍යතාව මත ඕනෑම සංස්කෘතිය සූප ශාස්ත්‍ර උරුමයන්ගෙන් ඔවුන් රස ගැන්වීමට සමත්ව සිටියි.
Spice Route හි දැක්ම පදනම් කරනිමින් පසුගිය දශකයක කාලය තුළ සිය පාරිභෝගිකයන්ගේ නොමඳ විශ්වාසය දිනාගෙන ඇති Charcoal අද වන විට බැංකොක්හි අසමසම අවන්හලක් බවට පත්ව ඇත්තේ ඉන්දියාවේ තන්දුරි සහ මුග්ලායි ආහාර සම්ප්‍රදාය ජාත්‍යන්තරයට ගෙන යමිනි.
Charcoal Tandoor Fire Grill කොළඹදී විවෘත වෙයි