IMG-LOGO

2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා


Care England ප්‍රධාන විධායකගෙන් IIHS වෙත ඉහළ ඇගැයීමක්

එක්සත් රාජධානියේ සමාජ සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සංවිධානය වන Care Englands ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය මාටින් ග්‍රීන් ඔබේ මහතා ශ්‍රී ලංකාවේ International Institute of Health Sciences (IIHS) ජාත්‍යන්තර සෞඛ්‍ය හා සමාජ සත්කාර ක්ෂේත්‍රයට සුදුසු වෘත්තිකයන් බිහි කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ඉහළින් අගය කර තිබේ. 

IHS වෙත කළ සංචාරයකින් අනතුරුව අදහස් දක්වමින් මහාචාර්‌ය ග්‍රීන් මහතා සඳහන් කළේ නූතන සමාජ සත්කාර ක්ෂේත්‍රයට අවශ්‍ය දැනුම. ප්‍රායෝගික කුසලතා හා මානව හිතවාදී වටිනා කම්වලින් සමන්විත වෘත්තිකයන් බිහි කිරීමට IIHS ගෙන යන අධ්‍යාපන ප්‍රවේශය ඉතා වැදගත් බවයි. එක්සත් රාජධානියේ ස්වාධීන වැඩිහිටි සමාජ සත්කාර සේවා සපයන්නන්ගේ ප්‍රධාන නියෝජිත ආයතනය වන Care Englands නායකත්වය දරන මහාචාර්‌ය ග්‍රීන් මහතා සමාජ සත්කාර ප්‍රතිපත්ති, සේවක සංවර්ධනය, ඩිමෙන්ෂියා සත්කාර සහ පුද්ගල කේන්ද්‍රීය සත්කාර සේවා පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් විශේෂඥයෙකි.

ලොව පුරා වයස්ගත ජනගහණය ඉහළ යාමත් සමඟ සුදුසුකම් ලත් සෞඛ්‍ය හා සමාජ සත්කාර වෘත්තිකයන්ට ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතී. එම අවශ්‍යතාවට ගැළැපෙන ලෙස IIHS සිය අධ්‍යාපන වැඩසටහන් සැළැසුම් කර ඇති අතර න්‍යායාත්මක දැනුමට අමතරව ප්‍රායෝගික පුහුණුව, වෘත්තීය ආචාරධර්ම, සන්නිවේදන කුසලතා සහ රෝගීන් කේන්ද්‍ර කර ගත් සත්කාර සේවා පිළිබඳ පුළුල් පුහුණුවක්ද සිසුන්ට සපයයි. 

IIHS Certificate in Health and Social Care Assistance පාඨමාලාව එක්සත් රාජධානියේ සත්කාර ක්ෂේත්‍රයේ නියෝජිතයන්ගේ අවධානයට ලක් වී ඇති අතර ජාත්‍යන්තර රැකියා වෙළෙඳ පොළේ අවශ්‍යතා සැපිරිය හැකි වෘත්තිකයන් බිහි කිරීම එහි අරමුණ බව ආයතනය සඳහන් කරයි.



අදහස් (0)

Care England ප්‍රධාන විධායකගෙන් IIHS වෙත ඉහළ ඇගැයීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site